රොයිස් යලි රක්‍ෂිත බන්ධනාගාරයට

-

එක්සත්ජාතික පක්ෂයේ හිටපු  මිගමුව ආසන සංවිධායක සහ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මිගමුව   මහනගර නාගරික මන්ත්‍රී රොයිස් විජිත ප්‍රනාන්දු මහතා තවදුරටත්   මෙම මස 31 වනදින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගකරනලෙස මිගමුව අතිරේක මහේස්ත්‍රාත් ටි එන් එල් මහවත්ත මහත්මිය අද 17 දින නියෝගකළේය

කටාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ලබාගැනීමට උත්සාහ කලබව කියන  සිද්ධියක්  සම්බන්ධයෙන් කටාන පොලිසිය විසින් අත්අඩංගුවටගෙන අධිකරණය හමුවට පැමිණවූ රොයිස් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන්  අද දින දක්වා රක්ෂිත බනධනාගර ගතකරනු ලැබීය.

නඩුව  මිගමුව මහේස්ත්‍රාත්   අධිකරණදී අද දින යලි කැදවූ අවස්ථාවේ සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥයන් ඇප ඉල්ලා සිටියේය

ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කල   අතිරේක මහේස්ත්‍රාත් ටි එන් එල් මහවත්ත මහත්මිය සැකකරු මෙමස 31 දින දකවා රක්ෂිත බන්ධනාගාර ගතකළේය

පුස්තකාල ජයරුපයකි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here