කටුනායක විදුහල්පතිනියක් ඩෙංගු මදුරුවාට බිලිවෙයි

-

කටුනායක රෝමානු කතෝලික විදුහලේ විදුහල්පතිනි  චාන්දනී දමයන්ති පෙරේරා මහත්මිය ඩෙංගු රක්තපාත උණ රෝගයට  ගොදුරුවීමෙන් මියගොස් ඇත

මෙම තොරතුරු අනාවරණය වුයේ චාන්දනී දමයන්ති පෙරේරා මහත්මියගේ මරණය පිලිබදව මිගමුව හදිසිමරණ පරීක්ෂක වෛද්‍ය සිරිජයන්ත වික්‍රමරත්න මහතා ඉදිරියේ පවත්වන ලද මරණ පරීක්‍ෂණයෙදිය.

පස්චාත් මරණ පරීක්ෂණය මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ විශ් සඥඅධිකරණ වෛද්‍ය නිලධාරී ඩි කේ විජේවර්ධන මහතා විසින් පවතවා ඇත.

52 හැවරදී දෙදරුමවක්  වන චාන්දනී පෙරේරා මහත්මිය උණරෝගය වැලදීමනිසා 24 දිනසිට මීගමුවේ පිහිටි පුද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබා 29 දින මිගමුව දිස්ත්‍රික්  මහරෝහලේ  ඩෙංගු දැඩිසත්කාර ඒකකයට ඇතිලත් කර ඇත.

චාන්දනී මහත්මියගේ දියණියක්ද මේවනවිට ඩෙංගු උණරෝගය වැලදීමනිසා මිගමුව රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ නිවෙස් පිහිටි මිගමුව සමුර්ධිගම සහ කදසුරිදුගම අද වන විට 80 වකට ආසන්න ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත

සබැදි පුවත්කටානේ ඩෙංගු වසංගත තත්වයක් -සමුර්ධිගම කදසුරිදුගම රෝගීන් 100 ක්

කටානේ මීගමුවේ යලි ඩෙංගු රෝගය හිස ඔසවයි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here