32 C
Negombo
32 C
Negombo

පාස්කු බෝම්බ ප්‍රහාරය සත්‍ය සොයාගන්නා තෙක්ම අරගලයක -අගරදගුරු හිමිපාණන්

-

පාස්කු බෝම්බ ප්‍රහාරය පිලිබදව සත්‍ය සොයාගන්නා තෙක්ම අරගලයක යෙදෙන බව අතිඋතුම්  අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත්හිමිපාණන් ප්‍රකාශ කරයි .

අද උදැසන කටුවාපිටිය දේවස්ථානදී උන්වහන්සේ මෙම අදහස් ප්‍රකාශකලේය.

මිගමුව මීරිගම මාර්ගයේ සෙබස්තියන් මාවත අසල තිබෙන සෙබස්තියන් මුනිදුන්ගේ පිළිරුවේ ආවරණයට කිසිවෙකු විසින් ගලකින් පහර දීම නිසා ප්‍රදේශයේ උණුසුම් වාතාවරණයක් ඇතිවූ අතර එම ස්ථානයට රැස්වූ පිරිසක්  මහාමාර්ගය අවහිරකරමින් උද්ඝෝෂණයක් කිරීමට සුදානම්විය.

මෙම තොරතුරු දැනගත් කාදිනල් හිමිපාණන් සිද්දියවූ ස්ථානයට පැමිණ පසුව කටුව පිටිය දේවස්ථානයේදී රැස්වසිටි බැතිමතුන් අමතනු ලැබිය.

කටුවාපිටිය බෝම්බ පිපිරිම මෙන්ම අනෙකුත් පාස්කු බෝම්බ පිපිරිම පිලිබදව සත්‍ය දැනගැනීමට ජනතාවට ඇති අයිතිය තමන් පිළිගන්නා බවද ඒ පිලිබදව තමන් නිතරම කතාකර ඇතිබවත් තමා කිසිම් බලවේගයකට හෝ පුද්ගලයෙකුට බියනොවන බවදඅගරදගුරු හිමියන් අවධාරණය කළේය.

අදාළ ආයතන පුද්ගලයන්ට මෙන්ම දේශපාලන කණ්ඩායම් වලට සත්‍ය තොරතුරු ලබදෙනලෙස හඩනගා ප්‍රකාශ කලද තවමත් එවනිතත්වයක් නැතිබව පෙනෙන්නට තිබෙන බවත් අපේ මිනිසුන්ගේ ජිවිත විනාශ කලේ මොන හේතුවක් නිසාද කවුද මේවා පිටුපස සිටියෙ කවුද කියා එළිදරවු කරන ලෙස   මෙරටේ නායකයන්ගෙන්  නැවත නැවත්ත ඉල්ලා සිටින බවද අගරදගුරුතුමෝ පැවසුහ.

මේ අවස්ථාවේදී කලබල නොවී බුද්ධිමත්ව සාමකාමිව කටයුතු කරනමෙන්  අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත්හිමිපාණන් ජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටියයේය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.