රොයිස්ට අදත් ඇප නෑ

-

එක්සත්ජාතික පක්ෂයේ හිටපු  මිගමුව ආසන සංවිධායක සහ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මිගමුව   මහනගර නාගරික මන්ත්‍රී රොයිස් විජිත ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන්  අගෝස්තු  මස 21 වනදින දක්වා තවදුරටත්  රක්‍ෂිත බන්ධනාගාර ගකරනලෙස මිගමුව අතිරේක මහේස්ත්‍රාත් ටි එන් එල් මහවත්ත මහත්මිය අද 7දින නියෝගකළේය

කටාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ලබාගැනීමට උත්සාහ කලබව කියන  සිද්ධියක්  සම්බන්ධයෙන් කටාන පොලිසිය විසින් අත්අඩංගුවටගෙන අධිකරණය හමුවට පැමිණවූ රොයිස් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන්  අද දින දක්වා රක්ෂිත බනධනාගර ගතකරනු ලැබතිබුණි.

නඩුව  මිගමුව මහේස්ත්‍රාත්   අධිකරණදී අද දින යලි කැදවූ අවස්ථාවේ සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥයන් ඇප ඉල්ලා සිටියේය.

ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කල   අතිරේක මහේස්ත්‍රාත් ටි එන් එල් මහවත්ත මහත්මිය සැකකරු මෙමස 21 දින දකවා යලි රක්ෂිත බන්ධනාගාර ගතකළේය.

සැකකරු වෙනුවෙන් මිගමුව පළාත්බද මහාධිකරණය වෙත ඉදිරිපත් කරතිබූ ඇපඅයදුම පිලිබදව වැඩිදුර විභාගය සදහා  සැප්තැම්බර් මස 12 දිනට දින නියමවිය

සාක්‍ෂිකරුවන්ට ඇතැයි කියනු ලබන බලපෑම් පිලිබදව වින්දිතයන් ආරක්‍ෂා කිරීමේ අධිකාරියේ නිලධාරින් විසින් සොයාබැලීමක් සිදුකරනබවත්  පැමිණිලිකරුට  කටාන පොලිසිය විසින් ආරක්ෂාව සපයා ඇති බවත් වාර්තාවේ

පුස්තකාල ජායරුපයකි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here