31 C
Negombo
31 C
Negombo

සෙබස්තියන්මුනිදුන්ගේ පිළිරුවේ ආවරණයට ගල් ගැසීම – 20 ක ගෙන් ප්‍රශ්නකරයි

-

මිගමුව මීරිගම මාර්ගයේ සෙබස්තියන් මාවත අසල  සෙබස්තියන් මුනිදුන්ගේ පිළිරුවේ ආවරණයට ගල්ගසා වීදුරුවලට හානිකිරිම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැත.

මෙම මස 6 වනදින මෙම පහරදීම පිලිබදව සැලවීමත් සමග එම ස්ථානයට රැස්වූ පිරිසක්  මහාමාර්ගය අවහිරකරමින් උද්ඝෝෂණයක් කිරීමට සුදානම්වූ අතර ඇතිවූ නොසන්සු තත්වය සමනය කිරීම සදහා මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන් එදින කටුවා පිටිය දේවස්ථානය පැමිණ ප්‍රදේශ වාසීන් හමුවිය.

මේම පහරදීම  පිලිබදව කටාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුදත් නිවුන් හෑල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් තව දුරටත්  පරීක්‍ෂණ සිදුවන අතර  මේ වනවිට පුද්ගලයන් 20 කට වැඩිපිරිසකගෙන් ප්‍රශ්නකර ප්‍රකාශ සටහන් කරගෙනතිබේ

එමෙන්ම CCTV දර්ශන පරීක්‍ෂා කිරීම ද තවදුරටත් සිදුකරමින් පවතී

පෙර පුවත් සදහා දිගුව

https://www.negombotoday.lk/news/14138/

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.