Monday, June 15, 2026
27.7 C
Negombo

පාස්කු ඉරිදා ප‍්‍රහාරය යුක්තිසහගත, සාධාරණ සහ අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් -කතෝලික රදගුරු සම්මේලනයෙන් ඉල්ලීමක්

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් යුක්තිසහගත, සාධාරණ සහ අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් පවත්වා නොමැති බවත්, දැන්වත් එවැනි පරීක්‍ෂණයක් පවත්වා වරදකරුවන් නීතිය හමුවට පැමිණවීම සිදුකරන්නැයි රජයෙන් හා දේශපාලන නායකයන්ගෙන් තරයේ ඉල්ලා සිටින බවත් කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මේ වන විට කමිටු කිහිපයක් පත්කර උත්සාහ කරන්නේ ආරක්‍ෂක අංශයෙන් සිදුවූ බරපතල හිඩැස් සඳහා වගකිවයුත්තන් කවුරුන්දැයි විමසා බැලීමට වුවත්, තමන්ගේ ඉල්ලීම වන්නේ පරීක්‍ෂණ අවසාන ඉලක්කය විය යුත්තේ වරදකරුවන්, අනුග‍්‍රහය දැක්වූවන් සහ එයට අනුබල දුන්නේ කවුරුන්ද යන්න හඳුනා ගැනීම බවත් එම නිවේදනයේ සඳහන් වේ.

අවාසනාවකට මෙන් එම කිසිඳු ධනාත්මක සළකුණක් මෙතෙක් දක්නට නොමැති බව ද එහි දැක්වේ.

ජනතාව මෙම පරීක්‍ෂණවල ප‍්‍රතිඵල දැක බලාගැනීමට බලාපොරොත්තුවෙන් සිටියත් ත‍්‍රිපුද්ගල ජනාධිපති කොමිසමේ වාර්තාව මෙතෙක් එළිදක්වා නැතැයි ද එහි සඳහන්ය.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ශ්‍රී ලංකා කතෝලිත රදගුරු සම්මේලනයේ සභාපති වින්ස්ටන් එස්. ප‍්‍රනාන්දු බදුල්ල රදගුරුතුමන්, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ මහලේකම් ජේ.ඩී.ඇන්තනී ජයකොඩි කොළඹ සහයක රදගුරුතුමන්, උප සභාපති ජස්ටින් බී ඥානප‍්‍රගාසම් යාපනය රදගුරුතුමන් ජේ.වියානි ප‍්‍රනාන්දු මහනුවර රදගුරුතුමන්, හැරල්ඩ් ඇන්තනී පෙරේරා කුරුණෑගල රදගුරුතුමන්, නෝබට් එම්. අන්ද්‍රාදි අනුරාධපුර රදගුරුතුමන්, වැලන්ස් මෙන්ඩිස් හලාවත රදගුරුතුමන්, රේමන් කේ. වික‍්‍රමසිංහ ගාල්ල රදගුරුතුමන්, ක්ලීටස් සී පෙරේරා රත්නපුර රදගුරුතුමන්, ජෝශප් පොන්නයියා මඩකලපුව රදගුරුතුමන්, එෆ්. එල් එම්මානුවෙල් ප‍්‍රනාන්දු මන්නාරම රදගුරුතුමන්,  නොයෙල් එම්මානුවෙල් ත‍්‍රිකුණාමලය රදගුරුතුමන්, සහ මැක්ස්වෙල් ජී සිල්වා යන කොළඹ සහායක රදගුරුතුමන් යන රදගුරුතුමන්ලාගේ අත්සනින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.

පුස්තකාල ජයරුපයකි

Hot this week

මදුරුවන් බෝකළ කටානේ 25 කට නඩු

ඩෙංගු රෝගය පාලනය කිරීම සදහා කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීකාරයාලය ...

මීගමුවේ මාලිමා පාලනයට වසරයි – නගරසභා දේපොළ තවමත් කොල්ලකරුවන් අතේ

ජාතික ජනබලවේගය මිගමුව මහානගර සභාවේ බලය ලබාගෙන වසරක් ගතවී...

ඉබ්‍රාහිම් නානගේ සම්බන්ධයක් තියෙනවා බ්‍රිටෝ – අනවශ්‍ය බලපෑම් එපා වින්දිතයන්

කටුවාපිටිය දෙවාස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු...

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

Topics

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img