29 C
Negombo
29 C
Negombo

තද වැසි සමග තද සුළං

-

කාලගුණ  විද්‍යා දෙපාර්තමේන්තුව   මුහුදු ප්‍රදේශ සදහා නිකුත් කරඇති කාලගුණ අනාවැකියට අනුව

පුත්තලම සිට ගාල්ල හරහාහම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

පොතුවිල්සිට හම්බන්තොට, කොළඹ, පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (70-80) දක්වා ක්ෂණිකව ඉහල යාමට සහ මුහුදු ප්‍රදේශ ඉතා රළු වීමට ඉහල හැකියාවක් පවතී.

මෙම මුහුදු ප්‍රදේශවල ධිවර සහ නාවුක කටයුතුවල යෙදීම අනතුරුදායක බව දැනුම් දෙනු ලැබේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා දිශාවලින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

 

එමෙන්ම කාලගුණ  විද්‍යා දෙපාර්තමේන්තුව   මහජනයා  සදහා නිකුත් කරඇති කාලගුණ අනාවැකියට අනුව

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහ සුළං තත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු වේ.

දිවයින හරහා විශේෂයෙන් බස්නාහිර, දකුණ, සබරගමුව,උතුරුමැද, වයඹ, උතුර සහ මධ්‍යමපළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සවස 2.00 පමණ සිට සුළඟේ වේගය පැ.කි.මී. 70-80දක්වා ක්ෂණිකව ඉහලයාමේ හැකියාවක් පවතී.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වලවිටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100ට වැඩි තද වර්ෂාපතනයන්අපේක්ෂා කල හැක.

වයඹ පළාතේත් කොළඹ, ගම්පහ, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ක පමණ තරමක තද වර්ෂාපතනයන් ඇතිවිය හැක.

මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇතිවනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තදසුළං ඇතිවිය හැක.  අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය   පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.