31 C
Negombo
31 C
Negombo

බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට ගොස් පිටුවහල් වූ අටක් රක්‍ෂිත බන්ධනාගාරයට

-

බහුදින යාත්‍රාවකින් නිතිවිරෝධිලෙස ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට ගොස්  ශ්‍රීලංකාවට පිටුවල්කල 8  දෙනෙකුරක්ෂිත බන්ධනාගාර ගතකර පස්දෙනෙකු ලක්‍ෂ හයබැගින්  වූ ශරීරඇප මත මුදා හරින ලෙස මිගමුව වැඩබල මහේස්ත්‍රාත් කේ ජි ගුණදාස මහතා 17 දින නියෝග කළේය.

ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් ක්‍රිස්මස් දුපතේදී අත්ඩංගුවටගත් මෙම පිරිස පිටුවල් කර  විශේෂ ගුවන්යානයකින් කටුනායක ගුවන් තොටුපොල වෙත රැගෙන තිබු අතර තොටුපලක් හෝ වරායක් නොවන තැනකින් අනවසරයෙන් නිතිවිරෝධිව  රටින් පිටව ගොස් සිටි මෙම පිරිස ආගමන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අපරාධවිමර්ශන දෙපර්තමෙතුවට බාරදී තිබුණි.

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් විමෂණ සිදුකර  අධිකරණයට ඉදිරිපත්කරනු ලැබිය.

පුත්තලම හලාවත ඉරණවිල පදිංචිකරුවන් වන මේම පිරිස 2019 ජුලි මස 12 ධිවර රැකියාවට යන මුවාවෙන්  ලතාදුව නමැති බහුදින යාත්‍රාවෙන් පිටත්ව ඇතිඅතර අගෝස්තු මස 7 වනදින ඔවුන් ඕස්ට්‍රේලියාවේ ක්‍රිරිමස් දුපතටලගාවී ඇති අතර එහිදී ඔවුන්  ඕස්ට්‍රේලියානු බලධාරීන් ගේ අත්අඩංගුවට පත්ව තිබේ.

උඩප්පුවේ රජා නමැති පුද්ගලයෙකු විසින් මෙම ජාවාරම සංවිධානය කර ඇතිබවත් එක් අයෙකුගෙන් ලක්ෂ 3 ත් 5 හත් අතර මුදලක් මෙම ජාවාරම් කරුවිසින් ලබාගෙන ඇතිබව විමර්ශන වලදී අනාවරණය වී ඇත.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.