මීගමුවේ ලොරි රථ 4ක් ගිනි ගනී…

-

මීගමුවේ ප්‍රසිද්ධ ප්‍රවාහන ව්‍යාපාරිකයෙකුට  අයත් ලොරි රථ 4ක් ගිනිගැනීමේ සිද්දියක් අද අලුයම 3.45 පමණ පෙරියමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.

මීගමුව – හලාවත පාරේ අංක 260 දරණ ව්‍යාපාරික ස්ථානය ඉදිරිපිට නවතා තිබූ කුඩා ප්‍රමාණයේ ලොරි රථ 2ක් හා විශාල ප්‍රමාණයේ ලොරි රථ 2ක් මෙසේ ගිනිගෙන ඇත. ගින්නෙන් ලක්ෂ 50ක පමණ අලාභානියක් සිදුවී ඇති බවට වාර්තා වේ. ලොරි රථ මුළුමනින්ම විනාශ වී නොමැති අතර ගින්න ප්‍රදේශවාසීන් හා ගුවන් හමුදාවේ සහයෝගයෙන් නිවා දැමූ බවට ව්‍යාපාරිකයා පවසයි.

මේ පිළිබඳ පුළුල් පරීක්ෂණ මීගමුව පොලිසිය විසින් ආරම්භ කර ඇති අතර එම ස්ථානයේ තිබී ලයිටරයක් සොයාගැනිමට හැකිවී තිබේ. සිද්දිය පිලිබඳ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බව මීගමුව පොලිසිය පවසයි..

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here