මීගමුවේ ලොරි 4 ක් ගිනිතබන මොහු කවුද CCTV දර්ශන බලන්න

-

මීගමුවේ ප්‍රසිද්ධ ප්‍රවාහන ව්‍යාපාරිකයෙකුට අයත් ලොරි රථ 4ක්ට ගිනිතැබීමේ  සිද්දිය පිලිබදව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතිබව මිගමුව පොලිසිය පවසයි.

ප්‍රවාහන කටයුතු පිළිබද ව්‍යාපාරයක් පවත්වාගෙන යන මීගමුවේ හලාවත පාරේ අංක 208 දරන ස්ථානයේ පදිංචි ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා විසින් ඔහුට අයත් ලොරිරථ  හතරක් අද 21 දින අලුයම් කාලයේ ගිනි තබා ඇතිබවට සිදුකර ඇති පැමිණිල්ලට අනුව මිගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් විමර්ශන කටයුතු සිදුකරයි.

පරීක්‍ෂණ කටයුතු සදහා පොලිස් නිලසුනඛ අංශය මෙන්ම රජයේ රසපරීක්ෂක වරයාසහ  ඇගිලි සලකුණු දෙපාර්තමේන්තුවේ නිලධාරී ද කැදවීමට පොලිසිය විසින් පියවරගෙන ඇත.

ගිනි තබා ඇති වාහන දෙකක් ගොඩනැගිලි අතර ගාල්කර තිබී  අතර ගුවන් හමුදාව ප්‍රදේශවාසින්  සමග එක්ව ගින්න නිවා දමා ඇත. ගිණිතබා ඇති වාහනලට   ලක්‍ෂ 20 කට වැඩි අලාභයක් සිදුවී ඇති අතර ගිනි තැබීමට යොදාගත් බවට සැකකරන ලයිටරයක් එම ස්ථානයේ තිබී පොලිසිය විසින් සොයාගෙන ඇත.

මිගමුව මුලස්ථාන  පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය කුමාර වුල්ටර් මහතා ගේ උපදෙස් අනුව අපරාධ  විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ජයනාත් මහතා විසින්මෙම සිද්ධිය පිලිබදව  විමර්ශන සිදුකරන අතර පොලිස් සැරයන් 21862 නිශාන්ත සහ පොලිස් කොස්තාපල් 88256 හදුන්නෙත්ති යන නිලධාරීන් පරීක්‍ෂණ කණ්ඩායමේ සෙසු සාමාජිකයෝ වෙති.

ගිනි තබන CCTV දර්ශන වල සිටින සැකකරු පිළිබද තොරතුරු දන්නේනම් මිගමුව පොලිසිය වෙත දැනුම් දෙන්න

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here