මීගමුවේ ලොරි 4 ක් ගිනිතබන මොහු කවුද CCTV දර්ශන බලන්න

මීගමුවේ ප්‍රසිද්ධ ප්‍රවාහන ව්‍යාපාරිකයෙකුට අයත් ලොරි රථ 4ක්ට ගිනිතැබීමේ  සිද්දිය පිලිබදව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතිබව මිගමුව පොලිසිය පවසයි.

ප්‍රවාහන කටයුතු පිළිබද ව්‍යාපාරයක් පවත්වාගෙන යන මීගමුවේ හලාවත පාරේ අංක 208 දරන ස්ථානයේ පදිංචි ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා විසින් ඔහුට අයත් ලොරිරථ  හතරක් අද 21 දින අලුයම් කාලයේ ගිනි තබා ඇතිබවට සිදුකර ඇති පැමිණිල්ලට අනුව මිගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් විමර්ශන කටයුතු සිදුකරයි.

පරීක්‍ෂණ කටයුතු සදහා පොලිස් නිලසුනඛ අංශය මෙන්ම රජයේ රසපරීක්ෂක වරයාසහ  ඇගිලි සලකුණු දෙපාර්තමේන්තුවේ නිලධාරී ද කැදවීමට පොලිසිය විසින් පියවරගෙන ඇත.

ගිනි තබා ඇති වාහන දෙකක් ගොඩනැගිලි අතර ගාල්කර තිබී  අතර ගුවන් හමුදාව ප්‍රදේශවාසින්  සමග එක්ව ගින්න නිවා දමා ඇත. ගිණිතබා ඇති වාහනලට   ලක්‍ෂ 20 කට වැඩි අලාභයක් සිදුවී ඇති අතර ගිනි තැබීමට යොදාගත් බවට සැකකරන ලයිටරයක් එම ස්ථානයේ තිබී පොලිසිය විසින් සොයාගෙන ඇත.

මිගමුව මුලස්ථාන  පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය කුමාර වුල්ටර් මහතා ගේ උපදෙස් අනුව අපරාධ  විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ජයනාත් මහතා විසින්මෙම සිද්ධිය පිලිබදව  විමර්ශන සිදුකරන අතර පොලිස් සැරයන් 21862 නිශාන්ත සහ පොලිස් කොස්තාපල් 88256 හදුන්නෙත්ති යන නිලධාරීන් පරීක්‍ෂණ කණ්ඩායමේ සෙසු සාමාජිකයෝ වෙති.

ගිනි තබන CCTV දර්ශන වල සිටින සැකකරු පිළිබද තොරතුරු දන්නේනම් මිගමුව පොලිසිය වෙත දැනුම් දෙන්න

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img