32 C
Negombo
32 C
Negombo

අදත් සහ හෙටත් ගිගුරුම් සහිත වැසි සමග සුළං

-

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වයේ තරමක වැඩි වීමක්අගෝස්තු මස 30 වන දින දක්වා  බලාපොරොත්තු වේ. දිවයින පුරා විටින් විට හමන පැ.කි.මී. 50 දක්වාතරමක් තද සුළං ඇතිවිය හැක.

බස්නාහිර, මධ්‍යම,සබරගමුව, දකුණු සහවයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සබරගමුවසහ බස්නාහිරපළාත්වල සහ නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75 පමණ තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැක.

අනුරාධපුරයසහ මන්නාරම දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.

ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසිහෝ ගිගුරුම් සහිත වැසිඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තදසුළං ඇතිවිය හැක.අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස27වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. හෙට දින (30)දහවල් 12.12ටකුදිරමලේ තුඩුව, මැදවච්චිය, රත්මල්ගහවැව, කුලුමීවාකඩ, කප්පල්තුරය සහ ෆවුල් පොයින්ට් යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.