මීගමුවේ රෝහලේ ඩෙංගු ඒකකයේ විශේෂඥ වෛද්‍ය වරයාගේ නිවසටත් හොරු රිංගයි.

මිගමුව මහරෝහලේ ඩෙංගු ඒකකයේ සේවයකරන විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු මහතගේ රෝහල අසල පිහිටි නිවස රෝහලේ කාන්තා හෙදි නේවාසිකාගාරය ඇතුළු රෝහල අවට නිවාස කිහිපයක ලක්‍ෂ දහයක පමණ දේපල සොරකම්කළ සැකකරුවෙකු මෙම මස 10 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මිගමුව වැඩ බලන  මහේස්ත්‍රාත් කේ ජි ගුණදාස මහතා නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද්දේ රාගම වැලිසර තිබිරිගස්වත්තේ පදිංචිකරුවෙකු බ්වකියන නිලක්‍ෂන්පෙරේරා නමැති අයෙකි.

මිගමුව මහරෝහලේ කාන්තා නේවාසිකාගාරයට සොරකු ඇතුළුවී එහි නේවාසික හෙදියකගේ කාමරයක තිබු අල්මාරිය කඩා රුපියල් 12000 කමුදලක් සොරකම් කලබවට අගෝස්තු මස 28 දිනද විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු මහතාගේ නිවස බිද රන් ආබරණ ඔරලෝසු මුදල් ඇතුළු දේපල සොරකම් කලබවට අගෝස්තුමස 11 වන දිනද මිගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයට වාර්තාවී තිබුණි.

මිගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ජේ එම එස් ජයනාත් මහතා විසින් කොප්පර හන්දිය ආසන්නයේ සැකකටයුතු ලෙස ගැවසෙමින් සිටි අයෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්නකිරිමේදී  සොරකම් කිහිපයක තොරතුරු සැකකරුගෙන් අනාවරණය කර ගැනීමට හැකිවී ඇත.

සැකකරුගෙන් ලබාගත් තොරතුරු අනුව කොලබ හෙට්ට්ට්විදිය වත්තල ජාඇල ප්‍රදේශවල උකස් මධ්‍යස්ථාන වලට විකුණා තිබු සහ උකස්කරන ලද රන්භාණ්ඩ සොයාගෙන ඇති අතර සැකකරුගේ හිතවතුන් වෙත අලවිකරතිබු ඔරලෝසු වැනි භාණ්ඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන් ඇත.

විනර්ශන වලදී අනාවරණය  වී ඇති තොරතුරු අනුව සැකකරු අධිකලෙස හෙරොයින් මත්කුඩු සදහා ඇබ්බැහිවී ඇතිබවද දිනකට ඒ සදහා වැයකරන දහස් ගණනක මුදල සොයා ගැනීම සදහා ගෙවල් බිදීම් සිදුකර තිබේ.

මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල කඩුපිටිය මහතගේ උපදෙස් අනුව සහකාර පොලිස් අධිකාරී රන්ජන් කොට්ටච්චි මහතාගේ අධීක්ෂණයෙන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය කුමාර වුල්ටර් මහතගේ මෙහෙයවීමෙන් සිදුකල මෙම විමර්ශන කටයුතු සදහා උපපොලිස් පරීක්ෂක චාමර ප්‍රදීප් පොලිස් කොස්තාපල්වරුන් වන 45148 පෙරේරා 88256 හදුන්නෙත්ති යන නිලධාරීන් සහභාගී විය.

නඩුකටයුතු මෙහෙයවන පොලිස් කොස්තාපල් නවරත්න බණ්ඩාර මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේය.

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img