32 C
Negombo
32 C
Negombo

ඔස්ට්‍රේලියාවට හොර පාරෙන් අවොත් හරි පාරත් වැහෙනවා

-

ඔස්ට්‍රේලියාවට නීතිවිරෝධීව ඇතුළුවීමට උත්සාහ නොකරන ලෙසත් එසේ ඇතුළුවීමට උත්සාහකරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන හරවා එවීමට  ඕස්ට්‍රේලියාව ශ්‍රීලංකා රජය සමග ශක්තිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතිබවත් ඕස්ට්‍රේලියාවේ දේශසීමා මෙහෙයුම්  බාරව කටයුතුකරන මේජර් ජෙනරාල්  ක්‍රේග් ෆුර්නි මහතා  පවසයි

ඔස්ට්‍රේලියාව දැඩි දේශසීමා ආරක්ෂණ ප්‍රතිපතියක් ක්‍රියාත්මක කරනබවද නීති විරෝධිව ඔස්ට්‍රේලියාවට ගමන්කරන කිසිවෙකුට ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමට හෝ රැකියාකිරීමට ඉඩනොදෙන බවද ඔවුන්ට නිත්‍යානුකුලව ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට ඇති අව්ස්තාව අහිමිවන බවද ක්‍රේග් ෆුර්නි මහතා  සදහන් කළේය.

මේජර් ජෙනරාල්  වරයා මෙම අදහස් ප්‍රකාශ කලේ මිගමුව ධිවර වාරයේ ජැටියේදී අද පැවති මාධ්‍ය හමුවකදීය  මෙම අවස්ථාවට සහභාගිවූ ඕස්ට්‍රේලියානු තානාපති ඩේවිඩ් හෝලි  සහ ශ්‍රීලංකා නාවුක හමුදාවේ මෙහෙයුම් අධ්‍යක්ෂක රියර් අද්මිරාල් මිරාජ් ආටිගල මහතා ද  ජායරුපවල වෙති.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.