29 C
Negombo
29 C
Negombo

හෙට මහා සභාවේ විපක්‍ෂ නායක රොයිස් ?

-

එක්සත්ජාතික පක්ෂයේ හිටපු  මිගමුව ආසන සංවිධායක සහ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මිගමුව   මහනගර නාගරික මන්ත්‍රී රොයිස් විජිත ප්‍රනාන්දු මහතා සැප්තැම්බර්  මස 18  වන දින දක්වා තවදුරටත්  රක්‍ෂිත බන්ධනාගාර ගකරනලෙස මිගමුව අතිරේක මහේස්ත්‍රාත් ටි එන් එල් මහවත්ත මහත්මිය අද 4  දින නියෝගකළේය

කටාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ලබාගැනීමට උත්සාහ කලබව කියන  සිද්ධියක්  සම්බන්ධයෙන් කටාන පොලිසිය විසින් අත්අඩංගුවටගෙන අධිකරණය හමුවට පැමිණවූ රොයිස් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන්  අද දින දක්වා රක්ෂිත බනධනාගර ගතකරනු ලැබතිබුණි.

රොයිස් විජිත ප්‍රනාන්දු නාගරික මන්ත්‍රී වරයාට මිගමුව මහානගර සභාවේ මාසික රැස්වීම සදහාසහභාගී වීමට  අවසර ලබාදෙන ලෙස විත්තියේ නීතිඥයන් කරන ලද ඉල්ලීමට අනුව බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ  මාසික මහා සභා රැස්වීමට සහභාගී වීමට අවසර ලැබුණි.

මේ අනුව හෙට පැවත්වෙන මාසික රැස්වීමට රොයිස් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා යලි විපක්‍ෂ නායකයා ලෙස සහභාගී වීමත් සමග රවී ජීවානන්ද නාගරික මන්ත්‍රීවරයාගේ තාවකලික විපක්‍ෂ නායක තනතුර අවසන් වනබව මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ග පවසයි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.