විධායක ජනාධිපති ධූරය අහෝසිය අගමැතිගේ යෝජනාව ඇමතිවරු ප්‍රතික්ෂේප කරති

-

විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතු බවට අගමැතිවරයා විසින් ගෙන ආ යෝජනාවක් අද (19) පස්වරුවේ පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන්ගේ විරෝධය හේතුවෙන් ප්‍රතික්ෂේප වී ඇතැයි වාර්තාවේ.
විමුක්ති පෙරමුණ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ යුතු බවට කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇත.
යෝජනාව ඉදිරිපත් කරමින් අගමැතිවරයා සඳහන් කර ඇත්තේ සිවිල් සංවිධානවල ඉල්ලීමක් ලෙස මෙම යෝජනාව ගෙන එන බවයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (19) පස්වරුවේ හදිසි කැබිනට් රැස්වීමක් කැඳවනු ලැබූ අතර එහිදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
එම යෝජනාවට පක්ෂව රවී කරුණානායක ,සහ රාජිත සේනාරත්න යන ඇමැතිවරු දෙදෙනා පමණක් අදහස් දක්වා ඇති බවත් මංගල සමරවීර, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, පාඨලී චම්පික රණවක ,පී දිගම්බරන්,රංජිත් මද්දුම බණ්ඩාර,තලතා අතුකෝරල, ප්‍රමුඛ ඇමැතිවරු පිරිසක් යෝජනාවට විරුද්ධව අදහස් පළ කර ඇතැයි ද වාර්තා වේ.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here