32 C
Negombo
32 C
Negombo

දිල්රුක්‍ෂි වික්‍රමසිංහ මහත්මිය ඉල්ලා අස්විවී ගෙදරයායුතුයි-ඇමති මනෝ ගනේෂන්

-

දිල්රුක්‍ෂි වික්‍රමසිංහ මහත්මිය ඉල්ලා අස්විවී ගෙදරයායුතුබව  මනෝගනේෂන් අමාත්‍යවරයා පවසයි අද උදැසන මිගමුව විජයරත්නම් මධ්‍යමහා විදුහලේ පැවති උත්සවයක් අවසානයේ මාධ්‍යවේදීන් අසනලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශකළේය.

දිල්රුක්‍ෂි වික්‍රමසිංහ මහත්මියට තවදුරටත් රැදීසිටීමට සදාචාරාත්මක අයිතියක් නැතිබවද වහාම ඉල්ලා අස්වී නිර්දෝෂීභාවය ඔප්පුකර අවශ්‍ය නම්  නැවත සේවයට පැමිණිය හැකිබවද අමාත්‍ය වරයා වැඩිදුරටත් පැවසිය.

හිටපු අල්ලස් කොමසරි ජෙනරාල්වරියට අණදුන් දේශපාලකයන්ගේ  නම් කියවී නැතිබවත් ගිය ආණ්ඩු කලේ මෙවැනි දේවල් වහල දැමු බවත්  මේ තොරතුරු පවා හෙළිවන්නේ මේ ආණ්ඩුව නිසා බවද අමාත්‍ය වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ලබන බදාදා වනවිට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම්කර දන්වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායකයට දැනුම් දී ඇතිබවද නව නායකත්වයකින් නව දැක්මකින් මෙම ආණ්ඩුවේ දෙවන ඉනිම නොවැම්බර් මස 18 දින ආරම්භ කරනබවද අමාත්‍ය වරයා මෙහිදී සදහන් කළේය.

මිලියන 65 හක වියදමින් විජයරත්නම් මධ්‍යමහා විදුහලේ ඉදිකිරීමට යෝජිත සිවුමහල් ගොඩනැගිල්ලට මුල්ගල් තැබීම අමාත්‍ය මනෝගනේෂන් මහතගේ සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

පන්තිකාමර 16 ක් සහ  විද්‍යාගාර හතරකින් සමන්විත මෙම නව ගොඩනැගිල ඉදිකිරිම සදහා මිලියන 30 ක ප්‍රතිපාදන ලැබී ඇති අතර ඉදිකිරිම අවසන්කිරීමට අවශ්‍ය  ඉතිරි ප්‍රතිපාදන ජාතික ඒකාබද්ධ අමාත්‍යාංශය මගින් ලබාදීමට කටයුතු කරනබවද අමාත්‍ය වරයා පැවසිය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.