දිල්රුක්‍ෂි වික්‍රමසිංහ මහත්මිය ඉල්ලා අස්විවී ගෙදරයායුතුයි-ඇමති මනෝ ගනේෂන්

දිල්රුක්‍ෂි වික්‍රමසිංහ මහත්මිය ඉල්ලා අස්විවී ගෙදරයායුතුබව  මනෝගනේෂන් අමාත්‍යවරයා පවසයි අද උදැසන මිගමුව විජයරත්නම් මධ්‍යමහා විදුහලේ පැවති උත්සවයක් අවසානයේ මාධ්‍යවේදීන් අසනලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශකළේය.

දිල්රුක්‍ෂි වික්‍රමසිංහ මහත්මියට තවදුරටත් රැදීසිටීමට සදාචාරාත්මක අයිතියක් නැතිබවද වහාම ඉල්ලා අස්වී නිර්දෝෂීභාවය ඔප්පුකර අවශ්‍ය නම්  නැවත සේවයට පැමිණිය හැකිබවද අමාත්‍ය වරයා වැඩිදුරටත් පැවසිය.

හිටපු අල්ලස් කොමසරි ජෙනරාල්වරියට අණදුන් දේශපාලකයන්ගේ  නම් කියවී නැතිබවත් ගිය ආණ්ඩු කලේ මෙවැනි දේවල් වහල දැමු බවත්  මේ තොරතුරු පවා හෙළිවන්නේ මේ ආණ්ඩුව නිසා බවද අමාත්‍ය වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ලබන බදාදා වනවිට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම්කර දන්වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායකයට දැනුම් දී ඇතිබවද නව නායකත්වයකින් නව දැක්මකින් මෙම ආණ්ඩුවේ දෙවන ඉනිම නොවැම්බර් මස 18 දින ආරම්භ කරනබවද අමාත්‍ය වරයා මෙහිදී සදහන් කළේය.

මිලියන 65 හක වියදමින් විජයරත්නම් මධ්‍යමහා විදුහලේ ඉදිකිරීමට යෝජිත සිවුමහල් ගොඩනැගිල්ලට මුල්ගල් තැබීම අමාත්‍ය මනෝගනේෂන් මහතගේ සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

පන්තිකාමර 16 ක් සහ  විද්‍යාගාර හතරකින් සමන්විත මෙම නව ගොඩනැගිල ඉදිකිරිම සදහා මිලියන 30 ක ප්‍රතිපාදන ලැබී ඇති අතර ඉදිකිරිම අවසන්කිරීමට අවශ්‍ය  ඉතිරි ප්‍රතිපාදන ජාතික ඒකාබද්ධ අමාත්‍යාංශය මගින් ලබාදීමට කටයුතු කරනබවද අමාත්‍ය වරයා පැවසිය.

Hot this week

කෝටි 22 ක් වියදම්කල මිගමුව බස් නැවතුම්පොළ කඩාවැටේ ……….

අපවෙත ඇති  තොරතුරුවලට  අනුව මිගමුව බස්නැවතුම්පොළ ඉදිකිරිම සදහා මිලියන...

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

Topics

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

මිගමුව මහා නගර සභාවේ මහ ගෙදරටත් ඔප්පුවක් නෑ ………….. ?

මිගමුව මහා නගර සභාවට අයත් දේපල පිළිබද නිවැරදි ලේඛන...

මිගමු වෙරලේ තාවකාලික ඉදිකිරිම ඉවත්කරයි

මීගමුව කුට්ටිදුව වෙරළ කලාපයේ සිට කම්මල් තොට මෝය දක්වා...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img