ජනපතිවරණයේ ගැසට්ටුව අවලංගු කරන්නැයි රිට් පෙත්සමක්

-

ජනපතිවරණයේ ගැසට්ටුව අවලංගු කරන්නැයි රිට් පෙත්සමක්

ජනාධිපතිවරණය කැඳවමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගාල්ල හිටපු නගරාධිපතිවරයෙකු වන මෙත්සිරි ද සිල්වා මහතා අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇත.

ලබන 07 වැනිදා ජනාධිපතිවරණ නාමයෝජනා කැදවීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් , අදාළ ගැසට් නිවේදනය අනුව මැතිවරණ කොමිසම , එහි සභාපති සහ සාමාජිකයන් කටයුතු කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි  පෙත්සමින් ඉල්ලා ඇත.
මෙහි වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සභාපති , එහි සාමාජිකයන් සහ නීතිපති නම් කර ඇත.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here