29 C
Negombo
29 C
Negombo

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි සමග තද සුළං

-

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද 18 මධ්‍යහන 12.00 හට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනයා සඳහා නිකුත්කරනලද කාලගුණ අනාවැකියට අනුව

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි තත්වයේ තරමක වැඩිවීමක්, විශේෂයෙන්ම බස්නාහිර, මධ්‍යම, සබරගමුව දකුණු, ඌව සහ වයඹ පළාත් වල අද සහ හෙට දිනයන්හිදී බලාපොරොත්තුවේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන්ම සවස 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත් වල ඇතැම් ස්ථාන වලට මි.මී.100-150 පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැක.

සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.