29 C
Negombo
29 C
Negombo

පහල කදවල නීතිවිරෝධී මහාපරිමාණ කසිප්පු ස්කාගාරයක්

-

කටාන පොලිසියේ දුෂණ මර්ධන ඒකකය  පහල කදවල ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසක්තුල පවත්වාගෙන ගිය මහා පරිමාණයේ කසිප්පු ස්කාගාරයක් වටලා  සැකකරුවෙකු  අත්අඩංගුවට  ගෙන ඇත

දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක නිශාන්ත බණ්ඩාර මහතාට ලැබුණු  තොරතුරකට අනුව සිදුකල මෙම වැටලීමේදී පෙරනලද  කසිප්පු මිලිලීටර් 37600 ක් සහ ගොඩා බැරල් 11 ක් ගෑස්ලිප් ඇතුළු පෙරීමේ උපකරණද අත්අඩංගුවට ගෙන ඇත.

කටාන පොලිසියේ ස්ථානාධිපති දිලාන් රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව සිදුකල මෙම වැටලීමට පොලිස් සැරයන් 21705 නිශාන්ත පොලිස් කොස්තාපල්වරුන් වන 30630  දිලීප 92827 සමරවීර 94071 ඒකනායක 94073 ධර්මසේනයන නිලධාරින්ද සහභාගිවී ඇත.

වැටලීම කල නිලධාරීන් සහ අත්අඩංගුවට ගත්  පෙරුම් උපකරණ ජයාරුපයෙන් දැක්වේ.

විමර්ශන වලින් අනතුරුව සැකකරු අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.