උතුරු නැගෙනහිර ජනතාවගෙන් අත්පත්කරගත් ඉඩම් සියල්ල ආපසු දී වන්දියකුත් දෙනවා -ජවිපෙ නායක

-

උතුරු නැගෙනහිර ජනතාවගෙන් අත්පත්කරගත් ඉඩම් සියල්ල ආපසු ඔවුන් වෙත ලබාදී මටත් එම ඉඩම් පවරාගෙන සිටිකාලය සදහා නාමික වන්දියක් ගෙවීමට කටයුතු කරනබව ජාතික ජනබලවේගයේ ජනධිපති අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතා පවසයි.

එමහතා මෙම අදහස් පලකලේ එකරටක් විවිධත්වයෙන් හා සමානාත්මතාවයෙන් බැදුණු ශ්‍රී ලාංකීය ජාතියක් තේමාව කරගත් ජාතික ජනබලවෙගයේ ජාතික සමගිය පිලිබදව ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවයේ දිය

ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අනුරකුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ  ප්‍රධානත්වයෙන් 19 දින මිගමුව කියුපිඩ් ගාර්ඩ්න් උත්සව ශාලාවේදී පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් පලකල දිසානායක මහතා මැතිවරණ වේදිකාව යලියලිත් ජාතිවාදී මඩගොහොරු බවට පත්වී ඇතිබවත් සමහර  ජාතික ආරක්ෂාව ගැන දැඩි උනන්දුවකින්

එල් ටි ටි සංවිධානය හමුදා යාන්ත්‍රණයක් සහ තමන් විසින් ම පාලනය කල බලප්‍රදේශයක් මුලතිව්  කේන්ද්‍ර කරගත් මුහුදු කොටි බලකායක් සහදුර්වල මට්ටමින් හෝ   ප්‍රහාර එල්ලක්ලාහැකි ගුවන් බලකායක් ද සහිත  විධිමත් සන්නද්ධ ව්‍යාපාරයක් ලෙස කටයුතු කලා.

මේ කාලයේ හමුදා සහ ඔවුන් අතර ඇතිවූ ආකාරයේ ගැටුමක් උතුරේ හෝ දකුණේ යලි  ඇතිවීමේ ඉඩකඩ අඩුබවද යම් ජනකොටසක අන්තවාදී කණ්ඩායමක් තවත් ජනකොටසක් ඉලක්ක කරගත් ප්‍රහාරයක් එල්ලවිය හැකිබවත් පාස්කු ඉරිදා   කටුවා පිටියේ ඇතිවුයේ   එවැනි ප්‍රහාරයක් බවද පෙන්වා දුන්නේය.

ජාතික ආරක්ෂාව ගැන කතාකරන අය තමන්ගේ දේශපාලන ව්‍යාපාරය තුලට අන්තවාදී කණ්ඩායම් එකතු කරගෙන ඇතිබවද තමන්ගේ පක්ෂය තුල කිසිදු අන්තවාදී කණ්ඩායමකට හෝ පුද්ගලයෙකුට  ඉඩ නැතිබත් අන්තවාදී පිරිස් තමන් ගේ මැතිවරණ ව්‍යාපාරය තුල නැතිබවත් අනුර කුමාර දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් පැවසිය.

ජාතික සමගිය පිලිබදව ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගැන්වූ අවස්ථාව ජයාරුපයෙන් දැක්වේ

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here