32 C
Negombo
32 C
Negombo

පාස්කු ප්‍රහාරය ගැන සොයන්න ජනාධිපති කොමිසමක් -ඝෝඨාභය රාජපක්ෂ

-

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන් ඉල්ලා සිටින අන්දමට සියලු බලැති ජනාධිපති කොමිසන් සභාවක් පත්කර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු සියලු දෙනා හෙළිදරවු කර නිත්‍යානුකූලව කටයුතු කිරීමට පියවර ගන්නා බව  පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඝෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේබව ප්‍රකාශකලේ  මිගමුව වැල්ලවීදිය බාල්දි කොටුව ක්‍රීඩාංගනයේ 19 දින සවස පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලිය අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් පලකල ඝෝඨාභය රාජපක්ෂ මහතා ධිවර කර්මාන්තය මෙන්ම ධිවරයාගේ ජිවන තත්වය ඉහල දැමීමට ක්‍රියා කරන බවද ඩොලර් බිලියන 10 දක්වා  සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සදහා විදිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරබවද සදහන් කළේය.

පාස්කු ප්‍රහාරයට සදුදා 21 දිනට මාස හයක් ගතවන බවද අද වනතුරු මේ ආණ්ඩුව කතෝලික ජනතාව වෙනුවෙන් සධාරණය ඉටුකර නැතිබවත්  සහරාන් ලා සමග සාකච්ඡා කලඅය ත්‍රස්තවාදීන් බේරාගත් අය සජිත් ප්‍රේමදාසමහතාගේ පිලේ බවද ජනහමුව මෙම ඇමතු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්ස මහතා  පැවසිය

නොවැම්බර 16 වනදා  පාස්කු කදුළුවලට සාධරණය ඉටුකරන දවස බව  නිමල් ලාන්සා මන්ත්‍රීවරය මෙහිදී වැඩිදුරටත්  ප්‍රකාශ කළේය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.