පළාත් කිහිපයකට මිලි මීටර් 150ත් 200ත් අතර තද වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද  ඔක්තෝබර් මස 28 දින උදෑසන 05.30 ට හට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනයා සඳහා නිකුත්කරනලද කාලගුණ අනාවැකියට අනුව

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින වායුගෝලයේ කැළඹිලි ස්වභාවය දකුණු මුහුදු ප්‍රදේශය හරහා දිවයිනට බටහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයට අද දිනයේදී ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ. මෙම පද්ධතියේ බලපෑමට යටත්ව දිවයිනේ බොහෝ පළාත් වල (විශේෂයෙන් උතුරු, නැගෙනහිර, ඌව, දකුණු, මධ්‍යම සහ සබරගමුව පළාත්වල) වැසි තත්ත්වය 29 වනදා දක්වා වර්ධනය වන ලකුණු ඇත.

දිවයිනේ බොහෝ පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු, නැගෙනහිර, ඌව, මධ්‍යම, දකුණු සහ සබරගමුව   පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථාන වලට මි.මී. (150-200) ත් අතර ඉතා තද වර්ෂාපතනයන් ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයන් ඇති විය හැක.

දිවයින හරහා විශේෂයෙන්ම මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශ වල (නුවරඑළිය, මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවල) සහ දකුණු සහ වයඹ පළාත්වල් ඇතැම් ස්ථාන වල සුළගේ වේගය විටින් විට පැ.කි.මි. (50-60) දක්වා වැඩිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන්කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ඉල්ලීමක් කරයි.

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img