29 C
Negombo
29 C
Negombo

මැතිවරණය අවසන්වනතෙක් කාදිනල් හිමියන් දේශපාලන කරුණු කතාකිරීම අත්හිටුවයි

-

මැතිවරණය අවසන්වනතෙක් දේශපාලනයට සම්බන්ධ කරුණු  පිලිබදව  කිසිවක් ප්‍රකාශ නොකරන බව අගරදගුරු  මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසිය.

කාදිනල් හිමිපාණන් මෙම අදහස ප්‍රකාශකලේ මිගමුව මහාවිදිය ශාන්ත මරියා දේවස්ථානයේ පැවති දේව මෙහෙයකින් අනතුරුව මාධ්‍යවේදියෙකු විසින් පාස්කු ප්‍රහාරය පිලිබදව නිකුත්විඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව පිලිබදව  උන්වහන්සේගේ අදහස් විමසු අවස්ථාවේදීය.

කිවයුතු දේවල් කියා අවසන් බවද මේ මැතිවරණය අවසන් වනතෙක් දේශපාලන කරුනුගැන කිසිවක් ප්‍රකාශ නොකරනබව අගරදගුරු හිමිපානන් පැවසිය.

තෝමස් කාදිනල් කුරේ හිමිපාණන් ශුද්ධවරයට  ඔසවන්නැයි  ඉල්ලා  අගරදගුරු හිමිපානන්ගේ ප්‍රධානත්වයෙන් මහා විදිය දේවස්ථානයේ යාඥාදේව මෙහෙයක් පැවති අතර කාදිනල් කුරේ හිමිපාණන් පිලිබදව සමරු ප්‍රදර්ශනයක්ද ජුබිලි ශාලාවේදී විවෘත විය.

තෝමස් කාදිනල් කුරේ හිමිපාණන්ස්වර්ගස්තවී වසර තිහක් ගතවීම නිමිති කරගෙන මෙම කටයුතු 26 වන සෙනසුරාදා දින පැවැත්විණි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.