රොයිස්ට අදත් ඇප නෑ නොවැම්බර් 14 තෙක් රිමාන්ඩ්

ගිනිඅවි පනත යටතේ පවරා ඇති නඩුවකින් නීතිපතිවරයාගේ උපදෙස්  නොමැතිව   ගිනිඅවි අඥාපනත ඉවත්කරගැනීමට පොලිසියට බලයක් නැතැයි  ජ්‍යෙෂ්ඨ නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා මිගමුව අතිරේක මහේස්ත්‍රාත් ටි.එන්.එල් මහවත්ත මහත්මිය හමුවේ පැවසිය.

කටානේ ආනන්ද පුරයේ පදිංචි ව්‍යාපාරිකයෙකු පැහැරගෙනගොස් කප්පම් ලබාගැනීමට උත්සාහ කලබව කියන  සිද්ධියක්  සම්බන්ධයෙන් එක්සත්ජාතික පක්ෂයේ හිටපු  මිගමුව ආසන සංවිධායක සහ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මිගමුව   මහනගර නාගරික මන්ත්‍රී රොයිස් විජිත ප්‍රනාන්දු මහතා ඇතුලු  සැකකරුවන් හයදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද 31 දින කැදවූ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා මේබව පැවසිය..මෙම නඩුවේ අනෙකුත් සැකකරුවන් වුයේ මනුවර කටානසහ මීගමුවේ පදිංචිකරුවන් වන සුරේෂ් බස්නායක සුමිත් චමින්ද අනුරුද්ධ ක්‍රිෂාන් චන්දන සුරිය කුමාර සහ සිසිර රුද්‍රිගු නමැත්තන්ය.

මෙහි තවත්  සැකකරුවෙකුවන මිගමුව මහානගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති වරයෙකුවන සුනිල් ද සිල්වා අධිකරණය මගහරිමින් සිටී.

මෙම නඩුව කැදවූ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් නීතිඥ චාමර ජයසිංහ මහතා සමග පෙනීසිටි නීතිඥ දන්ත නිරංජන මහතා පොලිසිය විසින් සැකකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුවෙන් ගිනිඅවි අඥාපනත දැනටමත් ඉවත් කරගෙන ඇතිබැවින් සහ මාස හතරේ සිට හතදක්වා කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන්ට ඇප ප්‍රධානය කරනලෙස ඉල්ලා සිටියේය.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි පොලිස් නිලධාරීන් මෙම සිද්ධිය සම්බන්ධයෙන්  මෙතෙක් ගිනිඅවියක් අත්අඩංගුවට ගෙන  නොමැති බැවින් සැකකරුවන්ට ඇප ලබාදීමට  විරෝධය නොදක්වන බව පැවසිය.

මෙහිදී අගතියටපත් පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි සංජය එදිරිසිංහ සරත් රත්නකුමාර මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් සමග පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා පොලිසිය විසින් නඩුවෙන්  ගිනිඅවි අඥාපනත ඉවත්කරගැනීමට කටයුතු කිරීම පිලිබදව පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇතිබවද පැවසිය.

සියලු පාර්ශවයන්ගෙන් ඉදිර්පත්වූ  කරුණු සැලකිල්ල ගත් මහතා මිගමුව අතිරේක මහේස්ත්‍රාත් ටි.එන්.එල් මහවත්ත මහත්මිය සැකකරුවන්ට ඇපලබාදීම පිලිබදව නීතිපතිවරයා විමසා  ලිඛිතකරුණු  අධිකරණයට ඉදිරිපත් කරනලෙස  පොලිසියට නියෝග කළේය.

සැකකරුවන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කල මහේස්ත්‍රාත්තුමිය සැකකරුවන් නොවැම්බර් මස 14 දින දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාගතකරනලෙස නියෝග කළේය.

පුස්තකාල ජයරුපයකි

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img