29 C
Negombo
29 C
Negombo

මල් වෙඩිල්ල අතේපුපුරා පාසල් සිසුවෙකු මියයයි

-

කටාන කදිරාන දුමින්දාරාමයේ කටිනපෙරහැර ගමන් මාර්ගයේ දැල්වූ මල්වෙඩ්ල්ලක් පිපිරීමෙන් තුවාල ලැබූ පාසල් සිසුවෙකු මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ උතුරුකදිරාන ඇටබගහ වත්තේ පදිංචිව සිටි කිබුලාපිටිය මහාවිදුහළේ නමවන වසරේ ඉගෙනුම ලැබූ දිනිත් ඩිල්ෂාන්නමැති  වයස අවුරුදු 14 ක පාසැල් සිසුවෙකි

කටිනපෙරහැර ගමන්ගත් සෙනසුරාදා  4 වැනිදා අළුයම 4.00 ට පමණ මෙම සිසුවා විසින් නිවසේ තිබු මල් වෙඩිල්ලක් .දල්වා ඇතිඅතර එහි සෙවනුල පමණක් දැල්වී මල් වෙඩිල්ල නිවිගොස් ඇත.සිසුවා විසින් නොදල්වුනු මල් වෙඩිල්ල අතට ගෙන පරීක්‍ෂා කරමින් සිටියදී මල් වෙඩිල්ල පුපුරාගොස් තිබේ.

බරපතල තුවාල ලබාසිටි සිසුවා රෝහල් ගතකර ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් සිටිබව අපගේ රෝහල් ආරංචිමාර්ග පවසයි.

මේ සිද්ධිය පිලිබදව කටාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.