අනියම් බිරිද පිහියෙන් අනී- අනියම් සැමියා මියයි

-

අනියම් බිරදක් විසින් එල්ලකරනලද පිහිපහරකින් ඇයගේ අනියම් ස්වාමිපුරුෂයා මියගොස් ඇතිබව මිගමුව රෝහලෙන් වාර්තාවේ.

මිනුවන්ගොඩ  මහේස්ත්‍රාත් අධිකරණය විසින් දෙනලද නියෝගයක් අනුව මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් කේ ජි ගුණදාස මහතා ඉදිරයේ මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ පවතී මරණ පරීක්ෂණයකදී මෙම තොරතුරු අනාවරනයවිය.

මිනුවන්ගොඩ පොලිස්වසමේ  කෝවින්නේ වෙන්දේසිවත්ත පාලම අසලදී මෙම පිහි ඇනුම සිදුවී ඇතිබවත්  තුවාල කරු රෝහලට ඇතුලත් කරනවිටත් මියගොස් තිබුබව අපගේ රෝහල් ආරංචිමාර්ග පවසයි.

ආනමඩුව කුයියාව ප්‍රදේශයේ පදිංචි කාරියක බව කියන ඉනෝකා බණ්ඩාර මැණිකේ (40 )නැමැත්තියව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ මියගොස් ඇත්තේ තනමල්ල්විල සුරියආර කුමාරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව කියන වයස අවුරුදු 40 ක් වයසැති රවින්ද්‍ර පුෂ්පකුමාර නමැත්තෙකි.

පොලිසිය විසින් මෙතෙක්  සිදුකරන ලද  විමර්ශන වලින් අනාවරණය වී ඇතිතොරතුරු අනුව මේ දෙදෙනාම කටුනායක නිදහස් වෙළද කලාපයේ රැකියාවන් කිරීමට සහ ව්‍යාපාර කටයුතුවල නිරතවී සිට ඇති අතර .පිහිඇනුම සිදුවුබව කියන පාලම අසල සැකකාරිය විසින් කුඩා ආපනශාලාවක් පවත්වාගෙන ගොස් ඇත.

තෝමගෙන් කාලා තවත් ගැහැණු පස්සේ යනවා යයි කෑ ගසා ප්‍රකාශකර ඇතිබවද විමර්ශන වලදී අනාවරණය වී ඇතිබවද වාර්තාවේ.

මිගමුව දිස්ත්‍රික් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මගින් පස්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව මියගිය  අයගේ නිත්‍යානුකූල බිරිද වෙත මෘතදේහය බාරදෙන ලෙසද  මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් කේ ජි ගුණදාස මහතා නියෝගකළේය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here