අයිස් ගෙනා පකිස්ථානුවා රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

-

ඉන්දියාවේ චෙන්නායි සිට තම ගමන්බෑගයේ සගවාගෙන ලක්‍ෂ 25 ක් පමණ වෙළදපොල වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 273 ක් රැගෙන 3 වන ඉරිදා ශ්‍රී ලංකාවට පැමිණි පකිස්තනුජාතිකයා මෙම මස 8 වනදින දක්වා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රදවාගෙන වැඩිදුර පරීක්ෂණ කිරීමට මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් කේ ජි ගුණදාස මහතා අවසර ලබාදුන්නේය.
ෂාහින් ඩාවුඩ් රියාඩ් නමැති 40 හැවරදී පකිස්තනුජාතිකයා රදවාගැනීමේ නියෝග ලබාදුන්නේය
මොහු 3 දින චෙන්නායි සිට ශ්‍රීලංකාවට පැමිණ ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබුණු තොරතුරකට අනුව බැංකු ලොබියේ දී සැකකරු අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඔහුගේ ගමන් බෑගයේ පැත්තක ෆයිබර් වලින් සකස්කළ ව්‍යාජ පැතිකඩක් තුල සගවාගෙන තිබු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 273 සොයාගෙන ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උපපොලිස් පරීක්‍ෂක මධුශංක මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනිසිටියේය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here