නඩුවක චුදිතයෙක් වෙනුවෙන් මුදලින් රුපියල් 50000 ක් ඇපතැබූ ඇපකරුවෙකුගෙන් නඩු විභාගයෙන් අනතුරුව එම ඇපමුදල මුදා හැරීමට රුපියල් 5000 ක අල්ලසක් ඉල්ලා එම මුදලින් රුපියල් 4000 ක් ලබාගත් බවකියන මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගිණුම් සහකාර වරයෙකු අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂමේ නිලධාරීන් විසින් 8 දින අත්අඩංගුවට ගෙන ඇත.
අල්ලස් කොමිසමේ ආරංචිමාර්ග වලට අනුව ඇප තැම්පත්කරු ඇපමුදල ලබාගැනීම සදහා අවස්ථා කිහිපයකදී පැමිණ ඇතත් එම මුදලට අදාළ චෙක්පත කඩිනමින් නිකුත්කිරීමට සැකකාර නිලධාරියා විසින් රුපියල් 5000 ක් ඉල්ලා ඇති අතර ඇපකරු අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කර ඇත.
ඒ අනුව අල්ලස් කොමිසම විසින් සිදුකල වැටලීමේදී ඉල්ලා සිටි රුපියල් 5000 න් රුපියල් 4000 ක් ලබාගැනීමේදී ගිණුම් සහකාර නිලධාරියා ඔහුගේ කාර්යාලයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරී විසින් මිගමුව අධිකරණය හමුවට පැමිණවූ සැකකාර නිලධාරියා මේ මස 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට වැඩබලන මහේස්ත්‍රාත් කේ ජි ගුණදාස මහතා 8 දින නියෝග කළේය.
Our Srilankan system is such that taking bribes for anything and everything has become a way of life from a peon to the top most administrators. The difference is a peon or a clerk does it in a simple way with not so large amounts; but the top notches do it very diplomatically in big amounts. In both cases they have no conscience only the greed.