Saturday, September 26, 2026
28 C
Negombo

දෙමළ ඡන්ද එක්ක සෙල්ලම් කළ අයට ජනපතිවරණයෙන් පිළිතුරු ලැබුණා’-වරදරාජා පෙරුමාල්

දෙමළ ජනතාව තුළ වැරදි චිත්‍රයක් මවමින් දෙමළ ජනතාවගේ ඡන්ද සමගින් සෙල්ලම් කළ  දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන බලවේග වලට  මෙවර ජනපතිවරණයෙන් නිසි පිළිතුරු ලැබී තිබෙන බව උතුරු නැගෙනහිර පළාතේ ප්‍රථම ප්‍රධාන අමාත්‍ය වරදරාජා පෙරුමාල් මහතා පවසයි.

යුද්ධයෙන් බැටකෑ උතුරේ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විජයග්‍රහණය සුබපැතුම් එක්කරන බවත් රාජපක්ෂ ආණ්ඩුවක් තුළ උතුර දකුණ යා කරන බවත් හෙතෙම සදහන් කර සිටීයි.

හත්වන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලැබ සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය පිළිබද ලංකාදීපයට අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පෙරුමාල් මහතා මෙසේද කීය.

ප්‍රථමයෙන්ම දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍ර පක්ෂය විදිහට අපේ සහාය ලබාදුන් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගත් විශිෂ්ඨ ජයග්‍රහණයට සුබ පැතුම් එක්කරනවා.

උතුරු නැගෙනහිර කියන්නේ යුද්ධයෙන් බැට කෑ පළාතක්.මේ ජනතාව තුළ පහුගිය කාලය පුරාවටම දෙමළ ජාතික සන්ධානයත් දෙමළ දේශපාලන පක්ෂත් දුක්සංකා,බියසැක ඇතිකරල රාජපක්ෂවරුන් පිළිබඳ වැරදි චිත්‍රයක් මවල තිබුණා. ඊට දෙමළ ජාතිකත්වය පාවාදෙමින් දේශීය හා විදේශීය වශයෙන් ලාභ ලබන දෙමළ සංවිධානත් දායක වී සිටියා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියන්නෙත් ගෝඨාභය රාපක්ෂ කියන්නෙත් දෙමළ ජනතාව වෙනුවෙන් සෑම විටම පෙනී සිටි දෙපළක්.පහුගිය රාජපක්ෂ සමයේදී යුද්ධය ඉවර කළා වගේම යුද්ධයෙන් විපතට පත් වුණ ජනතාව වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදුකරනු ලැබුවා. යෝධ සංවර්ධනයක් යුද්ධය පැවති උතුරු නැගෙනහිර පළාත් තුළ සිදුවුණා.මේ නිසා තමයි අපි දෙමළ ජනතාව වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වුයේ.

දෙමළ ජාතික සන්ධානය විසින් දෙමළ ජනතාව අතර මවනු ලැබූ වැරදි චිත්‍රය නිවැරදි කරමින් ඒ ජනතාවගේ ආර්ථික,සමාජීය, සංවර්ධන දියුණුව වෙනුවෙන් කැපවී කටයුතු කරනවා.

රටේ සෑම ජාතියක්ම, සෑම ජන කොට්ඨාසයක්ම සමසේ පිළීගනිමින් සාමකාමී රටක් නිර්මාණය කරන යුගයක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් උදාකරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. උතුර දකුණ යා කරන එක්සත් ශ්‍රිලංකාවක් ඇති කරනු ඇතැයි විශ්වාස කරනවා යැයිද හෙතෙම කීවේය

LANKADEEPA

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img