පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා – පාස්කු ප්‍රහාරය ගැන ස්වාධීන කොමිසමක් ඉල්ලයි

පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව ස්වාධින හා අපක්ෂපාති විශේෂ පූර්ණ බලය සහිත කොමිෂම් සභාවක් පත්කරන්නයි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා   මහතා ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා  වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් කර ඇති අතර එහිපිටපත් මාධ්‍ය වෙතද නිකුත්කර ඇත.

අපවෙත ලද එම ලිපියේ පිටපතපහත පළකර ඇත

2019.නොවැම්බර් 20

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති                                                                            අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා                                                                                              ජනාධිපති මන්දීරය,                                                                                                                කොළඹ 01.

පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව ස්වාධින හා අපක්ෂපාති විශේෂ පූර්ණ බලය සහිත කොමිෂම් සභාවක් පත් කර ගැනීම සම්බන්ධව,

ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධූරයට අභිනවයෙන් තේරි පත් වූ ඔබ තුමාට මාගේ                                          බලවත් සතුට ප්‍රකාශ කර සිටිමි.  පසුගිය පාස්කු ඉරුදින එනම් 2019.04.21 වන දින සිදු වූ භායනක  ත්‍රස්ත ප්‍රහාරය නිසා ශ්‍රී ලංකා වාසි ජනතාට සිදු වූ  ව්‍යසනය පිළිබඳව ඔබ තුමන් ඉතා හොඳින් දැනුවත්ව ඇති බව මාගේ විශ්වාසයයි. සියලු ආගම්,ජාතින්ට හා සමාජ තරාතිරම් වලට අයත් වූ වටිනා ජීවිත 300 ක් පමණ මෙම ප්‍රහාරය නිසා අප රටට හා එම පවුල් වල සමාජිකයින්ට අහිමි විය.

අප දේශයේ ශ්‍රී විභූතිය දැක ගන්නට පැමිණී විදේශිය සංචාරකයින් ද විශාල පිරිසක් මේ අතර වූ බව ඔබ තුමන් ද දන්නා කරුණකි. මෙම ව්‍යසනය නිසා ජීවිත අහිමි වූ සහ දරුණු ලෙස තුවාල වූ අයගෙන් වැඩිම පිරිස කතෝලික හා කිතුණු බැතිමතුන්ය.

මෙම ව්‍යසනය නිසා විපතට පත් වූ සියලු දෙනාගේ සිත් තුල නැගෙන සුවිශාල ප්‍රශ්නය වන්නේ මෙම දුර්ධාන්ත පහර දීම පිටුපස  සිටින්නේ කවුරුන් ද ? යන්න හා එය සිදු කරන්න හේතු වූයේ කුමන කරුණක් සඳහද, එය වැලැක්වීමට අවස්ථාව තිබියදි එසේ සිදු නොවූයේ ඇයි ද යන කාරණා වන්ය.   මේ කාරණා පිළිබඳ තවමත් ඔවුන් තුල ඇත්තේ ගැඹුරු අපහැදිලි තාවයක් හා සැකයකි. කතෝලික ජනතාවගේ පමණක් නොව                       ශ්‍රී ලංකා වාසි ජනතාවගේද ඒකායන බලාපොරොත්තුව හා ඉල්ලීම වන්නේ මේ ප්‍රහාරය පිළිබඳ සැබෑ තතු හෙළිදරවු කරන ලෙසයි. ගරු හිටපු ජනාධිපති හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් හිටපු අතිගරු ජනාධිපතිතුමන් වෙත හා රජය වෙත මේ සම්බන්ධව පූර්ණ අධිකරණ බලය සහිත විශේෂ කොමිෂම් සභාවක් පත් කිරීම සඳහා කටයුතු කරන ලෙස ඉල්ලීමක් කර තිබුනි.ඒ සඳහා ද යහපත් ප්‍රතිචාරයක් නොලැබුනි.

බෝම්බ ප්‍රහාරය නිසා බරපතල ලෙස තුවාල වූ හා අබාදිත වූ පිරිස් සඳහ ද මෙතෙක් සාධාරණ වන්දියක් හෝ ඒ සඳහා සොයා බැලීමක් සිදු කර නැති බැව් ද එම පිරිස් එල්ල කරන චෝදනාවකි.ඒ සඳහා ඔවුන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට සුදුසු වැඩ පිළිවෙලක් සකස් කර දෙන ලෙසත්, මෙම ප්‍රහාරය පිළිබඳව යතාර්ථවාදි හා ඔප්පුකල හැකි සාධක සහිත තොරතුරු විමසීමක් වැදගත් වන බව අප කාගේත් පිළිගැනීමයි.මෙහිදි මෙම බොම්බ කරුවන් ජාත්‍යන්තර සංවිධාන හා සබධතා පවත්වා ඇති බවටද සැක පහළ වී ඇති නිසා ඒ ගැනද හොදින් අධ්‍යනය කල යුතු වන්නේය.පාස්කු ප්‍රහාරය සම්බන්දව පසුගිය රජය මඟින් පත්කරන ලද පාර්ලිමේන්තු තේරිම්කාරක සභාව  හා  එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන්  අගරදගුරු මැල්කම් කාදිනල්  රංජිත් හිමිපාණන් සෑහිමකට පත් වූයේ නැත.කතෝලික රදගුරු මණ්ඩලයද නොබෝදා රැස්වී පවත්වන ලද සාකච්චාවකදි ස්වාධීන හා අපක්ෂපාති පූර්ණ බලය සහිත කොමිෂම් සභාවක්  පත් කරන ලෙස ඉල්ලා විශේෂ ප්‍රකාශයක් ප්‍රසිද්ධියට පත් කරන ලදි.ඔබ තුමන් ඒ පිළිබඳව මැතිවරණ රැස්වීම් වලදි එම ඉල්ලීම් ඉටුකිරීමට කටයුතු කරන  බව ප්‍රකාශ කරන ලදි.

 

ඒ අනුව කතෝලික කිතුණු ජනතාව වෙනුවෙන් ඔබතුමන්ගෙන් ඉතාමත් ඕනෑ කමින් හා කාරුණිකව ඉල්ලා සිටින්නේ කිසිඳු දේශපාලන පක්ෂයකට ගැති නොවන ස්වාධීන හා විශ්වාසනීය මෙන්ම ඒ සම්බන්ධව නිපුණතාවයක් දරණ ස්වාධීන පුද්ගලයෙන්ගෙන් යුතු පූර්ණ  අධිකරණ බලය සහිත විශේෂ කොමිෂම් සභාවක්  පත් කිරීමට පියවර ගැනීමට කටයුතු කර දෙන ලෙසයි. මේ සම්බන්ධව ඔබ තුමන් දක්වන සහය ඉතා අගය කොට සලකමි.

ස්තූතියි!

මෙයට විශ්වාසි,

ඩබ්.ඒ.නිමල් ලාන්සා                                                                                                          ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

Hot this week

හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතාගේ දේහයට මීගමුව මහා නගර සභාවේ අවසන් ගෞරව!

හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ මීගමුව හිටපු නගරාධිපති හර්මන් බර්නාඩ්...

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

Topics

හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතාගේ දේහයට මීගමුව මහා නගර සභාවේ අවසන් ගෞරව!

හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ මීගමුව හිටපු නගරාධිපති හර්මන් බර්නාඩ්...

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img