මැකොස මහින්ද දේශප්‍රිය යන්න හදයි – ඉල්ලා අස්වීම ජනාධිපතිට -කථානායකගෙන් වෙනත් අදහසක්

-

මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය ධූරයෙන් ඉවත් වීම සඳහා ගරු ජනාධිපතිතුමන් වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව ගරු කථානායකතුමන් වෙත දැනුම්දෙනු ලැබ ඇතිබව කතානායක මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්වන අන්දනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස මෙම ඉල්ලීම පිළිබඳව ප්‍රතිචාර දැක්වු කථානායකවරයා සඳහන් කළේ, මහින්ද දේශප්‍රිය මහතා මෙම අවස්ථාවේදී ස්වකීය ධූරයෙන් ඉවත් නොවී පුර්ණ කාලයම එහි කටයුතු කිරිම සුදුසුය යන්න තම අදහස බවයි.

විශේෂයෙන්ම පසුගිය ජනාධිපතිවරණය වෙනුවෙන් සභාපතිවරයාගේ නා‍යකත්වය යටතේ මැතිවරණ කොමිසන් සභාව ඉටුකළ විශිෂ්ඨ කාර්යභාරය අගය කළ කථානායකවරයා සඳහන් කළේ මැතිවරණ ක්‍රියාවලිය තුළ හඳුනාගෙන ඇති වැදගත් ප්‍රතිසංස්කරණ සිදු කිරිම සඳහාත්, ඉදිරියේදී එළඹන තීරණාත්මක මැතිවරණ ප්‍රශස්ත අන්දමින් මෙහෙයවීම සඳහාත් මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ මෙහෙයවීම ඉතා වැදගත් වනු ඇති බවයි.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here