29 C
Negombo
29 C
Negombo

තද සුළං ඇතිවිය හැකියි – පරිස්සමින් මුහුදු ගමන්

-

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද  මධ්‍යහන 12.00 හට දිවයින අවට මුහුදු ප්‍රදේශ සදහා  නිකුත්කරනලද කාලගුණ අනාවැකියට අනුව

දිවයිනට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශයේ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනට ගිනිකොණ සහ දකුණු දෙසින් වනමුහුදු ප්‍රදේශයේ වැසිසහසුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවේ.

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර මඩකලපුව සිට මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට තද වැසිද ඇති විය හැක. සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා මීගමුව දක්වා වන මුහුදු ප්‍රදේශවලසහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාවන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා ඉහළ යාමට හැකියාවක් පවතින අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල (පැ.කි.මී. 70-80 දක්වා) තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.