ජනපති ඝාතන උත්සාහයක් කටුනායකදී 5 ක් අත්අඩංගුවට

ජනපති ගෝඨාභය රාජපක්ෂ හෝ පවුලේ සාමාජිකයන්ට ජීවිත අනතුරක් කළහොත් විශාල මුදලක් සමග විදේශගතවීමේ අවස්ථාවක් උදාකරගත හැකි බව කියමින් තවත් පිිරිසක් සමග කුමන්ත්‍රණය කළැයි කටුනායක පොලිසිය පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ‌ගෙන ඇත.

වාලච්චේන පදිංචි මුහම්මද් රිෆ්කාන්, කිලිනොච්චි අක්කරායන්කුලම් පදිංචි ගනේෂලිංගම් මදන්, විශ්වමඩු ධර්මපුරම් පදිංචි වේලු කෝනේෂ්වරම්, විශ්වමඩු කල්ලාරු පදිංචි ගුණරත්නම් නගුලේන්ද්‍රන්, මස්කෙළියේ ආරියරාජන් කමලරාජ් යන අය මේ අනුව කටුනායක පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඉන්දික ඇතුළු කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සීදුව, ජයවර්ධනපුර, අමන්දොළුව අංක 01/16 ලිපිනයේ වූ නිවසක කුලී පදනම මත සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරේදා (02 වැනිදා) පස්වරු 2.00 ට පමණය.

මදන් නමැති සැකකරුගේ සොයුරියන් දෙදෙනා එල්ටීටීඊ සංවිධානයේ සිටි අය බවත්, ඉන් එක් අයකු මේ වනතුරුත් පුනරුත්ථාපනය වී නොමැති බවත් හෙළි වී තිබේ.

පසුගිය නොවැම්බර් 28 වැනිදා මෙම සැකකරුවන් තම බෝඩිමේදී බියර් පානය කරමින් සිටියදී මුහම්මදු රිෆ්කාන් නමැත්තා ප්‍රභූ ඝාතන සැලසුම ගැන අනෙක් පිරිසට යෝජනා කර ඇත.

‘‘ගෝඨාභය රාජපක්ෂ හෝ පවුලේ කෙනකු හෝ එයාලගේ ළඟ හිතවතෙක්ට අනතුරක් කළොත් අපිට විශාල මුදලක් ගන්න පුළුවන්. ප්‍රශ්නයක් වුණොත් වෙන රටකට යන්නත් පුළුවන්. මොනවා හරි වුණොත් අපි වෙනුවෙන් මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමෙක් ඉන්නවා. එයාට කියලා අපිට ඇපයක් හරි දාගන්න පුළුවන්’’ යැයි මුහම්මදු රිෆ්කාන් ගනේෂලිංගම් ඇතුළු පිරිසට යෝජනා කර ඇත.

මෙම යෝජනාව ක්‍රියාත්මක කළ නොහැකි නම් මෙම තොරතුරු කිසිවකුටත් නොකියන ලෙසත්, තම ඡායාරූප පෙන්වා විමසීම් කළහොත් නාඳුනන බව කියන ලෙසත් රිෆ්කාන් පවසා තිබේ.

මෙම රිෆ්කාන් නමැත්තා සෞදියේ රැකියාවක් කර මෙරටට පැමිණ සීදූවේ ප්‍රධාන පෙළේ ඇඟලුම් ආයතනයක සේවය කළ අරාබි හා හින්දි භාෂාව පවා දන්නා අයෙකි. මෙම පුද්ගලයා අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව වසර තුනක් තිස්සේ ආශ්‍රය කරන බවත් විමර්ශනවලදී හෙළි වී ඇත. ඇල්ලූ සැකකරුවන් රඳවා ගැනීමේ නියෝග මත රඳවාගෙන රාජ්‍ය බුද්ධි සේවය, ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය, විශේෂ කාර්යාංශය, බස්නාහිර පළාත් බුද්ධි ඒකකය ඇතුළු ඒකක මගින් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නියෝග මත විමර්ශන සිදු කෙරේ.

– aruna

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img