30 C
Negombo
30 C
Negombo

කාදිනල් හිමිපාණන් අද ජනාධිපති පරීක්ෂණ කොමිෂම හමුවට

-

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කුඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට පැමිණීමට නියමිතව ඇත.

සාක්ෂි ලබා දීම සඳහා අද (06) පස්වරු 02.00ට කොමිසම හමුවේ පෙනීසිටින ලෙස කාදිනල් හිමි වෙත දැනුම්දීමක් සිදුකර ඇති බව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ වාර්තා කිරීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කර තිබේ.

අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් කොමිෂන් සභාව වෙත, ප්‍රහාර මාලාවට අදාළ පැමිණිලි ඉදිරිපත් කිරීමට ජනතාවට අවස්ථාව ලබා දී තිබුණි.

අදදෙරන

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.