32 C
Negombo
32 C
Negombo

සිදුවේ මදුරුවන් බෝකල 19 ක් රුපියල් 200000 ක්දඩ ගෙවයි

-

මදුරු කීටයන් බෝවන අයුරින් පරිසරය පවත්වාගෙන ගිය  19 දෙනෙකුට රුපියල් 200000 ක දඩ මුදලක් මිගමුව අතිරේක මහේස්ත්‍රාත් ටි එන් එල් මහවත්ත මහත්මිය විසින් අද (12) දින නියම කළේය.

මදුරු කීටයන් බෝවීමට හැකිවනලෙස පරිසරය පවත්වාගෙන ගියබවට චෝදනා ඉදිරිපත් කරමින්  සිදුව නගර සභාවේ සෞඛ්‍ය අංශය විසින් බස්නාහිර පළාතේ 2012 මහජන පීඩාවට පත්කිරීමේ ප්‍රඥාප්තිය යටතේ මෙම මෙම දහනම දෙනාට එරෙහිව  නඩුපවරා තිබුනි

වරද පිළිගැනීමෙන් අනතුරුව අතිරේක මහේස්ත්‍රාත්තුමිය විසින් එක්අයෙකුට රුපියල් 10000 බැගින් 18 දෙනෙකුට දඩ   නියම කල ද වෙළද කලාපයේ සමාගමකට අයත් නේවාසිකාගාරයක කළමනාකරුට රුපියල් 20000 හක දඩයක්ද නියමකළ අතර අධිකරණයට ඉදිරිපත් නොවූ පුද්ලයෙකුට වරෙන්තු නිකුත් කරනු ලැබිණි.

සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රසික ලියනගේ මහතාගේ උපදෙස් පරිදි  පරිපාලන  මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්  සුරේෂ් කුමාර මහතා සමග  මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් වන ඩි එම ජයවීර, සුනෙත් පෙරේරා , වයි රත්නායක සහ ප්‍රභාස්වර   යන නිලධාරීන් විසින් මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබුණි.

මෙසේ දඩ නියමවුයේ රද්දොළුව කොටුගොඩ සහ සිදුව  ප්‍රදේවල  පදිංචිකරුවන් පිරිසකටය.පළමු අවස්ථාවේ අවවාද කිරීමෙන් අනතුරව දෙවන වරට මදුරුකිටයන් හමු වූ නිවෙස් හිමියන්ට නඩුපැවරීම සිදුකර ඇත.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.