31 C
Negombo
31 C
Negombo

දකුණු ආසියාතික ක්‍රීඩා උළලේදී රන් පදක්කම් දිනූ – කටානේ චානුක සංදීප

-

දකුණු ආසියාතික ක්‍රීඩා උළලේදී නව දකුණු ආසියානු වාර්තාවක් සමගින් රන් පදක්කම දිනා ගැනීමට සමත්වූ

100 x 4 පිරිමි කණ්ඩායම නියෝජනය කල චානුක සන්දීප කෙටි දුර ධාවන ශුරයා පිළිගැනීමේ උත්සවයක් කටාන පහල කදිරානේ ගම්වාසීන් සහ ප්‍රජා පොලිස් කමිටුව විසින් සංවිධානය කර තිබුණි.

චානුක සන්දීප හිමාෂ ඒශාන්, විනෝජ් සුරංජය, හා යුපුන් ප්‍රියදර්ශන යන  ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ කෙටි දුර ධාවන ශුරයින් විසින් තත්පර 39.14 ක කාලයක් වාර්තා කරමින් වසර 15 වකට පෙර තත්පර 39.40 ක කාලයක් සටහන් කරමින් ඉන්දීය ක්‍රීඩකයින් තබා තිබූ වාර්තාව බිද දමා රන් පදක්කම දිනාගනු ලැබිය.

මිගමුව මාරිස්ටෙලා විදුහලේ ආදී ශිෂ්‍යයෙකු වන චානුක සන්දීප ශ්‍රීලංකා යුදහමුදාව නියෝජනය කරයි.

කටාන නුගවැල මංසන්දියේදී ගම්වැසියන් විසින් පිළිගනු ලැබූ   චානුක සන්දීප ක්‍රීඩකයා සහ ඔහුගේ පුහුණු කරුපිළිගෙන උත්සව භුමිය වෙත කැදවාගෙන යන අයුරු ජයාරුපයෙන් දැක්වේ

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.