31 C
Negombo
31 C
Negombo

පොලිස් පොඩ්ඩන්ට උසස්වීම් -ආරක්ෂක රාජ්‍ය ඇමති

-

නව රජයේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා පොලිසියේ කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උසස්වීම් ලබා දීම සම්බන්ධව ක්‍රමවේදයක් සකස් කර වහාම ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය  චමල් රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබා දී තිබේ.

සුදුසුකම් ලත් අයගෙන් විධිමත් අයුරින් උසස්වීම් ලබා දීමේ නව රජයේ වැඩපිළිවෙල යටතේ  ජනාධිපති, ආරක්ෂක අමාත්‍ය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මඟ පෙන්වීමෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ   ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේ දී මේ බව සඳහන් කර ඇත.

පොලිස්පතිවරයා හා සෙසු නිලයන් නියෝජනය වන පරිදි පොලිස් නිලධාරින් පිරිසක් මීට සහභාගි විය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.