32 C
Negombo
32 C
Negombo

මාරක ලිදේ සංදර්ශන ශිල්පියාට -කටානේදී වෙඩි තබයි

-

කටානේ පොත්තෝඩ් වත්තේ දී මාරක ලිදේ යතුරු පැදි ධාවකයෙකුට  වෙඩි තැබූ වාහන සීසර් මෙම මස 20 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරනලෙස මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් චරිත ඩි ජයනාත් මහතා නියෝග කළේය.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගතකලේ කටාන පොත්තෝඩ වත්තේ  පදිංචි  45 වියැති දෙදරු පියෙකි.

පැමිණිලි කරුවන සැනකෙලිවල මාරක ලිදේ සංදර්ශන පවත්වන උඩරට අප්පුලාගේ සුසන්ත දසනායක නමැති අය සහ සැකකරු අතර කාලයක් තිස්සේ ආරවුලක් පවතින බවත් පසුගිය 12 දින සැකකරුගේ නිවස අසල ඇති පැමිණිලි කරුට අයත් ඉඩමකට පැමිණ සිටියදී ඇතිවූ බහින් බස්විමක් සිදුවී    මෙම වෙඩි තැබීම සිදුකර ඇතිබව පොලිසිය සිදුකල  මුලික විමර්ශන වලදී අනාවරනය වී ඇත.

සැකකරු විසින් ගිනිඅවි දෙකක් පෙන්වමින් පැමිණිලි කරුට තර්ජනය කර ඇති අතර සැකකරුගේ බ්රිද එක් ගිනිඅවියක් උදුරාගෙන ඇති අතර අනෙක් ගිනි අවියෙන් වෙඩි තැබීම සිදුකර ඇත.ඉලක්කය වැරදීම නිසා වෙඩි උණ්ඩය පැමිණිලි කරු පැමිණ සිටි වාහනයට වැදී පැමිලි කරු තුවාල නොලබා බේරී තිබේ.

සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකල ප්‍රශ්න කිරීමේදී  අනාවරණය වූ තොරතුරු අනුව වෙඩි තැබීමට යොදාගත් බවට සැකකරන මිලිමීටර් 9 වර්ගයේ රිවෝල්වරය සමහ  ජිව උණ්ඩ 4ක්  වායුරයිපලයක් උල්පිහි දෙකක් සහ ව්‍යාජ වාහන අංක තහඩු රැසක් අත්අඩංගුවට ගෙන ඇත.

මිගමුව ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී කපිල කඩුපිටිය මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී නිමල් බණ්ඩාර මහතාගේ අධීක්ෂණයෙන් කටාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක  ඩිලාන් රාජපක්‍ෂ මහතා ඇතුළු නිලධාරීන් පරිෂණ සිදුකලේය.

24838 පොලිස් සැරයන් ප්‍රියන්ත මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්විය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.