මාරක ලිදේ සංදර්ශන ශිල්පියාට -කටානේදී වෙඩි තබයි

කටානේ පොත්තෝඩ් වත්තේ දී මාරක ලිදේ යතුරු පැදි ධාවකයෙකුට  වෙඩි තැබූ වාහන සීසර් මෙම මස 20 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරනලෙස මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් චරිත ඩි ජයනාත් මහතා නියෝග කළේය.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගතකලේ කටාන පොත්තෝඩ වත්තේ  පදිංචි  45 වියැති දෙදරු පියෙකි.

පැමිණිලි කරුවන සැනකෙලිවල මාරක ලිදේ සංදර්ශන පවත්වන උඩරට අප්පුලාගේ සුසන්ත දසනායක නමැති අය සහ සැකකරු අතර කාලයක් තිස්සේ ආරවුලක් පවතින බවත් පසුගිය 12 දින සැකකරුගේ නිවස අසල ඇති පැමිණිලි කරුට අයත් ඉඩමකට පැමිණ සිටියදී ඇතිවූ බහින් බස්විමක් සිදුවී    මෙම වෙඩි තැබීම සිදුකර ඇතිබව පොලිසිය සිදුකල  මුලික විමර්ශන වලදී අනාවරනය වී ඇත.

සැකකරු විසින් ගිනිඅවි දෙකක් පෙන්වමින් පැමිණිලි කරුට තර්ජනය කර ඇති අතර සැකකරුගේ බ්රිද එක් ගිනිඅවියක් උදුරාගෙන ඇති අතර අනෙක් ගිනි අවියෙන් වෙඩි තැබීම සිදුකර ඇත.ඉලක්කය වැරදීම නිසා වෙඩි උණ්ඩය පැමිණිලි කරු පැමිණ සිටි වාහනයට වැදී පැමිලි කරු තුවාල නොලබා බේරී තිබේ.

සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකල ප්‍රශ්න කිරීමේදී  අනාවරණය වූ තොරතුරු අනුව වෙඩි තැබීමට යොදාගත් බවට සැකකරන මිලිමීටර් 9 වර්ගයේ රිවෝල්වරය සමහ  ජිව උණ්ඩ 4ක්  වායුරයිපලයක් උල්පිහි දෙකක් සහ ව්‍යාජ වාහන අංක තහඩු රැසක් අත්අඩංගුවට ගෙන ඇත.

මිගමුව ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී කපිල කඩුපිටිය මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී නිමල් බණ්ඩාර මහතාගේ අධීක්ෂණයෙන් කටාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක  ඩිලාන් රාජපක්‍ෂ මහතා ඇතුළු නිලධාරීන් පරිෂණ සිදුකලේය.

24838 පොලිස් සැරයන් ප්‍රියන්ත මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්විය.

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img