32 C
Negombo
32 C
Negombo

මිගමුව රෝහලේ ලක්‍ෂ පහක ඩෙංගු රුධිර පරීක්ෂණ පටි (strip)අතුරුදහන්

-

මිගමුව රෝහලේ රසායනාගාරයේ සිදුවී ඇති   ලක්ෂ පහක් පමණ  වටිනා රුධිර පරීක්ෂණ පටි (strip)සොරකමක් පිලිබදව මීගමුව පොලිසියේ අපරාධ විමර්ශ අංශය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ඩෙංගු  වැලදී තිබේ දැයි පරික්‍ෂා කිරීම සදහා  යොදා ගන්නා  NS1 ස්ට්‍රිප් තොගයක් සොරකම් කර ඇතිබවට මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ ප්‍රධාන රසායනාගාර නිලධාරිනි පි සුජීවා ප්‍රනාන්දු මහත්මිය මිගමුව පොලිසියේ අපරාධ  විමර්ශ අංශයට කර ඇති පැමිණිල්ලකට අනුව පොලිස් පරීක්ෂක ජයනාත් මහතා ගේ ප්‍රධානත්වයෙන් විමර්ශන සිදුකරයි.

පැමිණිල්ලට අනුව ස්ට්‍රිප්  25ක් බැගින්වූ ඇසුරුම් 33 ක් සොරකම කර ඇත රසායනාගාරයේ කොරිඩෝවක කබඩ් එකක  මෙම  ස්ට්‍රිප් තොගය ගබඩා කර තිබී ඇති අතර එහි දොරකඩා මේ සොරකම සිදුකර ඇත.

මේදිනවල උණ රෝගීන් විශාල වශයෙන් වාර්තා වන අතර ඩෙංගු රෝගයාට ඩෙංගු වයිරසය ශරීර ගතවී තිබේදැයි සිදුකරන මුලික පර්ක්ෂණය සදහා මෙම රසායනික පටි යොදා ගන්නා අතර රෝහලේ නොමැති අවස්ථාවලදී මේවා පිටතින් මිලදී ගැනීමට රෝගීන්ට සිදුවේ.

මිලෙන් අධික පහසුවෙන් මුදල් කලහැකි රසායනාගාර අයිතමයන්  අනාරක්‍ෂිත ලෙස කොරිඩෝවේ තැබූ කබඩ එකක් තුල  ගබඩා කරතිබූ නිසා මෙම සොරකම සිදුකිරීමට ඉඩකඩ සැලසී ඇතිබව අපගේ රෝහල් ආරංචිමාර්ග පවසයි.

ජායාරුපය අන්තර් ජාලයෙනි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.