මිගමුව රෝහලේ ලක්‍ෂ පහක ඩෙංගු රුධිර පරීක්ෂණ පටි (strip)අතුරුදහන්

මිගමුව රෝහලේ රසායනාගාරයේ සිදුවී ඇති   ලක්ෂ පහක් පමණ  වටිනා රුධිර පරීක්ෂණ පටි (strip)සොරකමක් පිලිබදව මීගමුව පොලිසියේ අපරාධ විමර්ශ අංශය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ඩෙංගු  වැලදී තිබේ දැයි පරික්‍ෂා කිරීම සදහා  යොදා ගන්නා  NS1 ස්ට්‍රිප් තොගයක් සොරකම් කර ඇතිබවට මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ ප්‍රධාන රසායනාගාර නිලධාරිනි පි සුජීවා ප්‍රනාන්දු මහත්මිය මිගමුව පොලිසියේ අපරාධ  විමර්ශ අංශයට කර ඇති පැමිණිල්ලකට අනුව පොලිස් පරීක්ෂක ජයනාත් මහතා ගේ ප්‍රධානත්වයෙන් විමර්ශන සිදුකරයි.

පැමිණිල්ලට අනුව ස්ට්‍රිප්  25ක් බැගින්වූ ඇසුරුම් 33 ක් සොරකම කර ඇත රසායනාගාරයේ කොරිඩෝවක කබඩ් එකක  මෙම  ස්ට්‍රිප් තොගය ගබඩා කර තිබී ඇති අතර එහි දොරකඩා මේ සොරකම සිදුකර ඇත.

මේදිනවල උණ රෝගීන් විශාල වශයෙන් වාර්තා වන අතර ඩෙංගු රෝගයාට ඩෙංගු වයිරසය ශරීර ගතවී තිබේදැයි සිදුකරන මුලික පර්ක්ෂණය සදහා මෙම රසායනික පටි යොදා ගන්නා අතර රෝහලේ නොමැති අවස්ථාවලදී මේවා පිටතින් මිලදී ගැනීමට රෝගීන්ට සිදුවේ.

මිලෙන් අධික පහසුවෙන් මුදල් කලහැකි රසායනාගාර අයිතමයන්  අනාරක්‍ෂිත ලෙස කොරිඩෝවේ තැබූ කබඩ එකක් තුල  ගබඩා කරතිබූ නිසා මෙම සොරකම සිදුකිරීමට ඉඩකඩ සැලසී ඇතිබව අපගේ රෝහල් ආරංචිමාර්ග පවසයි.

ජායාරුපය අන්තර් ජාලයෙනි

Hot this week

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img