රුක්අත්තන හන්දිය පොදු සුසාන භුමිය කැලයෙන් යටවේ- ව්‍යාපාරිකයන් ඉදිරිපස අවහිර කරයි

-

කටාන ප්‍රාදේශීය සභාබලප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක 10000 කට ආසන්න  පවුල් සංඛ්‍යාවක අවමගුල් කටයුතුසදහා  වසර 48 කට ආසන්න කාලයක් තිස්සේ ප්‍රයෝජනයට ගන්නා   රුක්අත්තන හන්දිය පොදු සුසාන භුමිය කිසිදු නඩත්තුවකින් නොමැතිව වල්වැදී ඇත.

මෙම සුසාන භුමිය ප්‍රාදේශීය සභාවට නීත්‍යානුකූලව පවරා නොමතිනිසා මෙහි සංවර්ධන කටයුතු සිදුකල නොහැකිබව ප්‍රාදේශීය සභාවේ බලධාරීන් පවසයි.

නිත්‍යානුකූල අයිතිය නැතිබව පවසමින් වසර 48 ක් තිස්සේ ජනතාව ප්‍රයෝජනයට ගන්නා මෙම සුසාන භුමිය නඩත්තු කිරීමේ වගකීමෙන් ප්‍රාදේශීය සභාව  බැහැරව සිටීන බව කීම  හාස්‍ය ජනක ප්‍රකාශයකි.

මෙම සුසාන භුමිය ප්‍රාදේශීය සභාවට පවරාදෙන ලෙසකර ඇති ඉල්ලීම කඩිනමින්  ඉටුකර නොදෙමින් ප්‍රාදේශීය ලේකම්වරයා කල්මරමින් සිටීමද කණගාටු දායකය .

මළසිරුරු මිහිදන් කිරීමට පැමිණෙන වාහන ගාල්කිරීමට ඇති බිම්තිරුව ව්‍යාපාරිකයන් විසින් අත්පත් කරගෙන ගල් වැලි ගොඩගසා ඇතිබවත් ඒ සදහා ප්‍රදේශීය සභාව මැදිහත්විය යුතුබවට දිස්නා පාරිස් ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී වරිය කටාන ප්‍රාදේශීය සභාවේ මෙම මස පැවති මහා සභා රැස්වීමේදී පෙන්වාදුන්නේය.

 

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here