32 C
Negombo
32 C
Negombo

මහජන සාමය හමුදා සාමාජිකයන් කැදවීම දීර්ඝ කිරීමට අති විශේෂ ගැසට් නිවේදනයක්

-

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා සාමාජිකයි දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල රාජකාරී කටයුතුවලට කැඳවීමට අදාළ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අද (22) දිනසිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් අනතුරුව පණවන ලද හදිසි නීතිය ඉවත් කිරීමෙන් පසු මහජන ආරක්ෂා අඥාපනත යටතේ ජනාධිපතිවරයා විසින් මහජන සාමය පවත්වාගෙන යාම සඳහා යුද, නාවික සහ ගුවන් හමුදා කැඳවීම සිදුකළේය.

ඒ අනුව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා පරිපාලන දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි සන්නද්ධ හමුදා සාමාජිකයින් කැඳවීමට ජනාධිපතිවරයා අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් පියවර ගෙන තිබේ

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.