32 C
Negombo
32 C
Negombo

මිගමුව කාමච්චෝඩ් පොල බදුකරුගෙන් -වෙළදුන්ට බදුසමග දඩ -බලධාරීන් මරනින්දේ

-

මිගමුව කාමච්චෝඩ් පොල බදුකරුට ටෙන්ඩර් කොන්දේසි උල්ලංඝනය කරමින් අධික මිලගනන් පොළ ගාස්තු ලෙස අයකරගැනීමට ඉඩදීම  බලවත් අසාධාරණ බව වෙළදුන් පවසයි.

බදාදා සහ ඉරිදා යන දින දෙකෙහි පැවැත්වෙන මෙම පොලට විශාල වෙළදුන් සංඛ්‍යාවක් පැමිණෙන අතර ඔවුන් අතරින් වැඩිදෙනෙකු එදිනෙදා ජීවත්වීම සදහා අවශ්‍ය වියදම් පිරිමසා ගැනීම සදහා ගම්වල සිට පැමිණෙන සුළු ව්යාපරිකයන්ය.

බොහෝවිට  මෙම සුළු ව්‍යාපාරිකයන් ගම්වලින් මිලදී ගන්නා කොස් දෙල් පොල් සහ එළවලු පලතුරු ආදිය අලවිකිරීමේ නිරතවන අතර ඔවුන්ගේ අදායම සාමාජිකයන් කිහිපදෙනෙකු සිටින පවුලක  එකම අදායම් මාර්ගය බවද  අපට දැනගන්නට ලැබුණි.

අලවිකිරිම සදහා  පොල්ගෙඩි 600 ක් රැගෙන පැමිණ තිබු කාන්තාවක ගෙන් පොළ බදුකරු විසින් රුපියල් 1800 ක මුදලක් අයකරගෙන තිබුණි.මේ අනුව එක පොල්ගෙඩියක් සදහා රුපියල් තුනක  පොළ ගාස්තුව අයකර ගෙන ඇත.

ම්හානගර සභාව පොලබදුකරු සමග ඇතිකරගෙන ඇති ගිවිසුම අනුව  ව්‍යාපාරයේ ස්වභාවය සහ පරිහරණය කරන බිමේ ප්‍රමාණය අනුව අයකලයුතු ගාස්තු නියමකර ඇතත් නගර සභාවේ නිලධාරී විසින් පොලබදුකරුට මෙලෙස හිතුමතේ මුදල් අයකර ගැනීමට ඉඩදී ඇතිබවට වෙළදුන් චෝදනා කරයි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.