29 C
Negombo
29 C
Negombo

නත්තල් දා සිට වැස්ස අඩුවන ලකුණු

-

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද  2019 දෙසැම්බර් මස 24 දින උදෑසන 05.30 ට මහජනයා සඳහා නිකුත්කරනලද කාලගුණ අනාවැකියට අනුව

දිවයින පුරා පවතින වැසි තත්ත්වය දෙසැම්බර් මස 25 දින සිට තාවකාලිකව තරමක් දුරට අඩුවන ලකුණු පවතී.

උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඌව, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් ප.ව.2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේදී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන්කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ඉල්ලීමක් කරයි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.