ගිනස් ලෝක වාර්තාවකට සැරසෙන ශ්‍රී ලංකාවේ නිවුන්නු

“රූපය සහ ගති පැවතුම් එක වගේ නිසා අපේ අම්මාට පවා අපි දෙන්නව වෙන වෙනම හඳුනගන්න එක අමාරුයි. අවුරුදු දහතුනේදි තමයි අපේ දෙන්නා එකට පැවිදි බිමට ඇතුළත් වුණේ,” උත්සවයේ ආගමික වතාවන් සඳහා පැමිණ සිටි පදියපැලැල්ලේ විපුලසාර සහ පදියපැලැල්ලේ සුගතසාර තරුණ හිමිවරු කියා සිටියහ.

“නිවුන් ස්වාමීන් වහන්සේලා දකින්න ඉන්නේ අඩුවෙන් නිසා ගොඩක් අය අපි දෙන්නව එකට දකින්න කැමතියි,” උන්වහන්සේ කියා සිටියහ.

මෙලෙස උත්සව ශාලාව පිරීගොස් තිබුණේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන නිවුන් ශ්‍රී ලාංකිකයන්ගෙන් ගෙනි. සියළු නිවුන් සොයුරු සොයුරියන් සමාන පෙනුම ඇත්තන් නොවුව ද, මෙම උත්සවයේ දකින්නට ලැබුණු නිවුන්නු බොහෝදෙනා සමාන පෙනුම ඇත්තන් වූ බැවින් ඔවුන් එකිනෙකා වෙනම හඳුනාගැනීම එතරම් පහසු නොවීය. අප සමග අදහස් දැක්වූ පදියපැලැල්ලේ විපුලසාර හිමියන් සහ පදියපැලැල්ලේ සුගතසාර හිමියන් වෙන වෙනම හඳුනාගැනීම ද ඉතාම දුෂ්කර කටයුත්තකි.

පදියපැලැල්ලේ විපුලසාර හිමියන් සහ පදියපැලැල්ලේ සුගතසාර හිමියන්Image copyrightSL TWINS
Image captionපදියපැලැල්ලේ විපුලසාර හිමියන් සහ පදියපැලැල්ලේ සුගතසාර හිමියන්

“අක්ක ටිකක් සැරයි. ඉතින් ඉස්කෝලේ යන කාලේ කාටහරි ගැහුවම මම තමයි අහුවෙන්නේ. අපි වැඩ කරන හොස්පිටල් වෝඩ් එකෙත් එහෙම පැටලිලි වෙනවා,” පෙනුමෙන් වෙන් කොට හඳුනාගත නොහැකි හෙද නිලධාරිනියන් වන කසුනි රවීනා ජයරත්න සහ හිරුනි වනීෂා ජයරත්න බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියහ.

ඔවුන් දෙදෙනාම හෙදියන් ලෙස රත්නපුර රෝහලක සේවය කරන අතර රෝගීන්ට හඳුනා ගැනීමේදී ප්‍රශ්න ඇතිවෙන නිසා මේවන විට ඔවුන් වෙන වෙනම වාට්ටු සඳහා අනුයුක්ත කර තිබේ.

එකම දිනයේ යුද හමුදාවට බැඳී එකම පාඨමාලාව හදාරා එකම දිනයේ මේජර් ජනරාල් නිලයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලංකා යුද හමුදාවේ ජයන්ත සෙනවිරත්න හා පූරක සෙනවිරත්න මේජර් ජනරාල්වරුන් ද මෙම උත්සවයට එක්ව සිටියහ.

මේජර් ජනරාල් ජයන්ත සෙනවිරත්න හා පූරක සෙනවිරත්නImage copyrightSL TWINS
Image captionමේජර් ජනරාල් ජයන්ත සෙනවිරත්න හා පූරක සෙනවිරත්න

ශ්‍රී ලංකා නිවුන් සංවිධානය මෙම උත්සවය සංවිධානය කර තිබුණේ ඔවුන් මේ දිනවල සූදානම් වන විශේෂ කටයුත්තක් සඳහා ආරම්භයක් ලෙසිනි.

ඔවුන්ගේ උත්සහය ලොව වැඩිම නිවුන්නු සංඛ්‍යාවක් සහභාගිවන උත්සවය පවත්වා ගිනස් වාර්තාවක් බිහි කිරීමය. මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ මෙම සංගමයේ 1993 වසරේදී පිහිටුවීමට පුරෝගාමී වූ උපුලී ගමගේ සහ චමලි ගමගේ විසිනි.

“යුද ගිනි නිවාලමු ලොවට මනුෂ්‍යත්වය වපුරවමු,” යන තේමාව යටතේ පවත්වන මෙම නිවුන් සම්මේලනය 2020 ජනවාරි 20 වන දින පැවැත්වීමට දැන් කටයුතු සුදානම් වෙමින් පවතියි.

මේ සඳහා ගිනස් ලෝක වාර්තා කමිටු සාමාජික කණ්ඩායම 2020 ජනවාරි 19 වන දින ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා නිවුන් සංවිධානය පවසයි.

චිත‍්‍රපට, ටෙලිනාට්‍ය හා වෙළෙඳ දැන්වීම් රැසකට සිය රංගන දායකත්වය සපයමින් ජනප‍්‍රියත්වයක් හිමිකරගත් කලාකාරිනියන් දෙපලක වන උපුලි සහ චමලි සහෝදරියන් සීමිත පිරිසකගෙන් ආරම්භකර ඇති මෙම සංවිධානයට අදවන විට ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි සහ සෑම ජන කොට්ඨාසයක්ම නියෝජනය කරන පරිදි නිවුන්නු 28000 ක් පමණ සම්බන්ධ වී සිටින බව ඔවුහු පවසති.

චීන තායිපේ තැබූ ගිනස් වාර්තාවImage copyrightGUNINESS RECORD
Image captionතායිපේ නගරය තැබූ ගිනස් වාර්තාව

මේ වනවිට ලොව වැඩිම නිවුන් ප‍්‍රජාවක් සහභාගිත්වයෙන් පැවැති සම්මේලනය සඳහා ලෝක වාර්තාව හිමිකරගෙන සිටිනේනේ තායිපේ නගරය විසිනි. 1999 වසරේ නිවුන් යුගල 4002ක් එකතුවී එම ගිනස් වාර්තාව පිහිටුවන ලදි. නිවුන් යුගල 3961ක්, තුන් නිවුන් යුගල 37ක්, සිව් නිවුන් යුගල 4ක් එම වාර්තාව පිහිටුවීමට සම්බන්ධවී තිබේ.

එම ලෝක වාර්තාව ශ‍්‍රී ලංකාව සතුකර ගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කරදී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට රුකුලක් ලබාදීම ශ‍්‍රී ලංකා නිවුන් සංවිධානයේ අපේක්‍ෂාවය.

“අපි බලාපොරොත්තු වෙනවා නිවුන් යුගල 5000ක් එකට එකතුකර මේ වාර්තාව ශ්‍රී ලංකාවට දිනාගන්න. දැනටමත් මේ සම්බන්ධයෙන් වැඩකටයුතු සිදුකර ගෙන යනවා. විදේශයන්හි සිටින නිවුන් අයත් මේකට සම්බන්ධ වෙන්න කැමැත්ත පළකරලා තියෙනවා,” උපුලී ගමගේ බීබීසි සිංහල සේවයට කියා සිටියාය.

BBCSINHALA

Hot this week

මීගමුවේ මාලිමා පාලනයට වසරයි – නගරසභා දේපොළ තවමත් කොල්ලකරුවන් අතේ

ජාතික ජනබලවේගය මිගමුව මහානගර සභාවේ බලය ලබාගෙන වසරක් ගතවී...

ඉබ්‍රාහිම් නානගේ සම්බන්ධයක් තියෙනවා බ්‍රිටෝ – අනවශ්‍ය බලපෑම් එපා වින්දිතයන්

කටුවාපිටිය දෙවාස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු...

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

Topics

මීගමුවේ මාලිමා පාලනයට වසරයි – නගරසභා දේපොළ තවමත් කොල්ලකරුවන් අතේ

ජාතික ජනබලවේගය මිගමුව මහානගර සභාවේ බලය ලබාගෙන වසරක් ගතවී...

ඉබ්‍රාහිම් නානගේ සම්බන්ධයක් තියෙනවා බ්‍රිටෝ – අනවශ්‍ය බලපෑම් එපා වින්දිතයන්

කටුවාපිටිය දෙවාස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු...

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

මීගමුවේ පන්දම් විරෝධය

බඩුමිල අඩුකර ජනතාවට සහන සලසන ආණ්ඩුවට බලකරමින් මිගමුව පෝරුතොට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img