මිගමුව දළුපොත සිරකදවුර පාරේ පුද්ගල ඝාතනයක්

-

තියුණු ආයුද වලින් පහරදීමෙන් ඝාතනය කර ඇතිබවට සැකකරන මිගමුව දළුපොත සිරකදවුර පාරේ කුලී නිවසක පදිංචිව සිටි පකිස්තානු ජාතික සරණාගතයෙකුගේ මල සිරුර පිලිබදව මිගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙසේ ඝාතනයවී ඇත්තේ මිගමුව දළුපොත සිරකදවුර පාරේ දෙමහල් ගොඩනැගිල්ලක ඉහල මාලයේ කුලියට පදිංචිව සිටි බට් මොහොමඩ් යාකුබ් නමැති පාකිස්තානු ජාතික සරණාගතයෙකි.

මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් ස්වර්ණා පෙරේරා මහත්මිය අද 24 දහවල්  ස්ථානීය පරීක්‍ෂාවක් සිදුකර මහෙස්‌ත්‍රාත් පරීක්ෂණයකළේය.

ඉදිරිපත් වූ කරුනුසැලකිල්ලට ගත් මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් ස්වර්ණා පෙරේරා මහත්මිය මිගමුව මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී මගින් පස්චාත් මරනපරික්ෂණයක් පවත්වාඑහි වාර්තාව මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්  පස්චාත් මරනපරික්ෂණයෙන් පසු දේහය මියගිය අයගේ ලගම ඥාතීන්ට  බාර දෙනලෙසද නියෝග කළේය.

.මිගමුව පොලිසියේ  අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයනාත් මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here