මකර කටට වැටෙන මීගමුවේ ඓතිහාසික උරුමයන්

අති විශාල වෙළදපොල මිලක් මෙන්ම ඓතිහාසික හා  පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති මිගමුව ඕලන්ද බල  කොටුවට යාබදව පිහිටි පැරණි දිසා අධිකරණ ගොඩනැගිලි සංකීර්ණය  දිනෙන් දින විනාශ වෙමින් පවතී.

කොළබ,යාපනය සහ ගාල්ල පිහිටි බලකොටු වලින් අනතුරුව, උපායශීලීව වැදගත් ඊළග බලකොටුව ලෙස අතීතයේදී මීගමුව බලකොටුව පවතින්නට ඇතැයි සැළකේන අතර මෙය මුලින්ම ඉදිකර ඇත්තේ පෘතුගීසින්විසිනි.

මිගමුව බලකොටුව අල්ලාගැනීමට කල සටනේදී ලන්දේසි  හමුදා විසින් එල්ලකරනලද කාලතුවක්කු ප්‍රහාරවලින්   බලකොටුව හානිසිදුවූ බව ඉතිහාසයේ සදහන්වන අතර අද තිබෙන බලකොටුව ඉදිකර ඇත්තේ ලන්දේසින් විසිනි.

දීරඝකාලයක් යුක්තිය පසිදලු අධිකරණ ක්‍රියාත්මකවූ මෙම ඓතිහාසික භුමිය මේවන විට විවිධ දුරාචාර කටයුතු සදහා යොදාගත හැකි තැනක් බවට පත්වී තිබීම කණගාටුවට කරුණකි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරීගෙන් මේ පිලිබදව විමසීමේදී දැනගැනීමට ලැබුණු කරුණු අනුව මෙම  ගොඩනැගිලිවල සහ ඉඩමේ   භාරකාරත්වය මේවනවිට ඇත්තේ මිගමුව ප්‍රාදේශීය ලේකම් වරයා යටතේය

ඉඩමේ මිනුම් කටයුතු සිදුකිරීම සදහා මේවන විට පියවර ගෙන තිබේන බවද වැඩිදුරටත් දැනගන්නට ලැබුණි.

ලිපිගොනු එහාට මෙහාට යවමින් තවත් දීර්ඝ කාලයක්  ගතකර නොකර මේ පිලිබදව  කඩිනම් තීරණයක් ගැනීම බලධාරීන් ගේ වගකීමකි.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

Topics

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img