මකර කටට වැටෙන මීගමුවේ ඓතිහාසික උරුමයන්

-

අති විශාල වෙළදපොල මිලක් මෙන්ම ඓතිහාසික හා  පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති මිගමුව ඕලන්ද බල  කොටුවට යාබදව පිහිටි පැරණි දිසා අධිකරණ ගොඩනැගිලි සංකීර්ණය  දිනෙන් දින විනාශ වෙමින් පවතී.

කොළබ,යාපනය සහ ගාල්ල පිහිටි බලකොටු වලින් අනතුරුව, උපායශීලීව වැදගත් ඊළග බලකොටුව ලෙස අතීතයේදී මීගමුව බලකොටුව පවතින්නට ඇතැයි සැළකේන අතර මෙය මුලින්ම ඉදිකර ඇත්තේ පෘතුගීසින්විසිනි.

මිගමුව බලකොටුව අල්ලාගැනීමට කල සටනේදී ලන්දේසි  හමුදා විසින් එල්ලකරනලද කාලතුවක්කු ප්‍රහාරවලින්   බලකොටුව හානිසිදුවූ බව ඉතිහාසයේ සදහන්වන අතර අද තිබෙන බලකොටුව ඉදිකර ඇත්තේ ලන්දේසින් විසිනි.

දීරඝකාලයක් යුක්තිය පසිදලු අධිකරණ ක්‍රියාත්මකවූ මෙම ඓතිහාසික භුමිය මේවන විට විවිධ දුරාචාර කටයුතු සදහා යොදාගත හැකි තැනක් බවට පත්වී තිබීම කණගාටුවට කරුණකි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරීගෙන් මේ පිලිබදව විමසීමේදී දැනගැනීමට ලැබුණු කරුණු අනුව මෙම  ගොඩනැගිලිවල සහ ඉඩමේ   භාරකාරත්වය මේවනවිට ඇත්තේ මිගමුව ප්‍රාදේශීය ලේකම් වරයා යටතේය

ඉඩමේ මිනුම් කටයුතු සිදුකිරීම සදහා මේවන විට පියවර ගෙන තිබේන බවද වැඩිදුරටත් දැනගන්නට ලැබුණි.

ලිපිගොනු එහාට මෙහාට යවමින් තවත් දීර්ඝ කාලයක්  ගතකර නොකර මේ පිලිබදව  කඩිනම් තීරණයක් ගැනීම බලධාරීන් ගේ වගකීමකි.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here