ස්විස් එම්බසියේ සේවිකාවගේ පැමිණිල්ල අමුලික බොරු.. පැහැරගැනීමක්, පහරදීමක්, ලිංගික හිරිහැර හෝ මානසික ලෙඩක් නෑ.. සේවිකාවට නඩු දමයි..

කොළඹ ස්විස් තානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැනිස්ටර් ප‍්‍රැන්සිස් නමැති ශී‍්‍ර ලාංකීය නිලධාරිනියට පසුගිය නොවැම්බර් 25 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී කිසිදු පහරදීමක් හෝ ලිංගික අපයෝජනයක් සිදුවී නැති බව ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා අනුව පැහැදිලි වන බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා ඊයේ 30 දා කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවියට දැනුම් දුන්නේය.

එම සැකකාරිය කිසිදු මානසික ආබාධයකින් නොපෙළෙන බවත් ඇය පරීක්‍ෂා කළ විශේෂඥ මානසිකවෛද්‍යමණ්ඩලය විසින් ලබාදුන් වෛi වාර්තා අනුව පැහැදිලි වන බවද ජනක බණ්ඩාර මහතා පැවසීය.

ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා, සී. සී. ටී. වී. දර්ශන හා එම සැකකාරිය ගමන් කළ ටැක්සි රථවල රියැදුරන් ලබාදුන් ප‍්‍රකාශ හා පරිවේෂණීය සාක්‍ෂි අනුව පැහැර ගැනීමට අදාළව කර ඇති පැමිණිල්ල සම්පූර්ණයෙන්ම ඇය විසින් ගොතන ලද කතාන්දරයක් බව පැහැදිලි වන බවද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා එහිදී අධිකරණයට පැවසීය.

එබැවින් රජයේ රස පරීක්‍ෂකවරයාගේ වාර්තාව හා දුරකථන විශ්ලේෂණ වාර්තා ලබාගෙන විමර්ශන අවසන් වූ වහාම එම නිලධාරිනියට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගන්නා බවද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා කියා සිටියේය.

ලංකාණ්ඩුවට විරුද්ධත්වය දැක්වෙන ආකාරයෙන් කටයුතු කිරීම සහ යම් නීතිමය කරුණකදී සාක්‍ෂියක් ලෙස උපයෝගී කර ගැනීමේ අදහසින් වංක ලෙස කටයුතු කිරීම ඇතුළු චෝදනා යටතේ එම සැකකාරියට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට නියමිත බවද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා එහිදී අධිකරණයට වැඩිදුරටත් කීය.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය සමග රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා පැමිණිල්ල මෙහෙය වූ අතර උප පොලිස් පරීක්‍ෂක හේමන්ත, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අංක 3 විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක රවින්ද්‍ර විමලසිරි, සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක යන මහත්වරුන් සමග අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. තිලකරත්න මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ.

නීතිඥ අමිල එගොඩවත්ත, නීතිඥ සුදර්ශන ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා සැකකාර ගානියා බැනිස්ටර් ෆ‍්‍රැන්සිස් වෙනුවෙන් පෙනී සිටියහ.

මෙහිදී ගානියා බැනිස්ටර් ෆ‍්‍රැන්සිස් නමැත්තිය දැඩි ඇප කොන්දේසි පනවා රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ 30 දා නියෝග කළාය.

ඇප ලබාගැනීමෙන් අනතුරුව විමර්ශන නිලධාරීන් දැනුම් දුන් විටෙක ඉදිරි විමර්ශන සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසටත් එලෙස සහාය ලබා නොදුන් බවට වාර්තා වුවහොත් ඇප අවලංගු කර රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන බවටත් තරයේ අවවාද කරමින් ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය එම ඇප නියෝගය නිකුත් කළාය.

මේ වන විට පදිංචි මාළිගාකන්ද නිවාස සංකීර්ණයේ පිහිටි නිවස හැර වෙනත් ස්ථානයක පදිංචියට යන්නේ නම් ඒ බව අධිකරණයට වාර්තා කළ යුතු බවට ද සැකකාරියට කොන්දේසියක් පැනවූ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය ඇයගේ පදිංචිය සනාථ කිරීම සඳහා ග‍්‍රාම නිලධාරි සහතිකය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කළාය.

නඩුව ලබන 09 වැනිදා යළි කැඳවීමට ද ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය නියෝග කළාය.

– divaina

Hot this week

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

Topics

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img