29 C
Negombo
29 C
Negombo

ශ්‍රී ලංකාවේ සුලබ ආහාර වර්ග 50 කට ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් සහතික

-

ශ්‍රී ලංකාවේ සුලබ ආහාර වර්ග 50 ක පෝෂණ ගුණය මැන බලා ඒ සඳහා ජාත්‍යන්තර මට්ටමේ විශ්ලේෂණ වාර්තාවක් ලබා දීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ ඒකකයේ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මියගේ මග පෙන්විම යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතියේ විශ්ලේෂණ වාර්තාව මැයි මාසය අවසන් විමට පෙර ලබා දීමට අපේක්ෂා කරයි.
මෙහිදී රතු කැකැළු, සුදු කැකැළු, නාඩු සහ සම්බා යන සහල් වර්ග, සූඩයා, සාලයා, තිප්පිලි වැනි මාළු වර්ග, එළවළු, කරවල, පලතුරු,පොල්,පොල් තෙල් වැනි ආහාර වර්ග කෙරෙහි අවධානය යොමු කර ඇත.
අද සමාජයේ ව්‍යසනයක් බවට පත්ව ඇති බෝනොවන රෝග ඉතා සීඝ්‍රයෙන් පැතිරයාම, අධික තරබාරුකම ආදී රෝග රැසකට ප්‍රධාන හේතුව ලෙස අවිධිමත් ආහාර රටාව බවට හඳුනා ගෙන ඇත.

සෞඛ්‍යාරක්ෂිත ආහාර රටාවක් පවත්වා ගෙන නොයාම සහ ආහාරවල ගුණාත්මක බව පිළිබඳව ජනතාව තුළ නිසි අවබෝධයක් නොමැතිවීම නිසා දිනෙන් දින පෝෂණ ගුණයෙන් ඉහළ ආහාර වර්ග වෙනුවට වෙළඳ දැන්වීම්වලින් හුවා දක්වන ආහාර පාන මිළදී ගැනීමට ජනතාව නැඹුරුවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ.

මෙම ගැටළුවට පිළියමක් වශයෙන් වඩාත් ප්‍රායෝගික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට එම ව්‍යාපෘතිය අපේක්ෂා කරයි.ඒ අනුව ශ්‍රී ලංකාවේ බහුලව ඇති ආහාර වර්ග 50 ක් තෝරා ගෙන එම ආහාරවල අඩංගු පෝෂණ සංඝටක සහ අඩංගු රසායන ද්‍රව්‍ය පිළිබඳව තක්සේරුවක් සිදු කෙරෙනු ඇත.

ඉන්පසු දිවයිනේ ප්‍රසිද්ධ සුපවේදීන් සහ මාධ්‍ය ආයතන සම්බන්ධ කර ගනිමින් මෙම ආහාර වර්ග ආකර්ශනීය ලෙස ප්‍රචලිත කිරීමට අපේක්ෂා කරන බව එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.
මේ සඳහා තෝරා ගන්නා ලද ආහාර වර්ග කිහිපයක පළමු සාම්පලය ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පිහිටි අන්තර්ජාතික ආහාර රසායනාගාරය වෙත මේ වන විටත් යවා ඇත. මී ළඟ ආහාර සාම්පලය මාර්තු මාසයේදී රසායනාගාරය වෙත යැවීමට අපේක්ෂිතයි.

ආහාරවල සංඝටක පරීක්ෂා කිරීමේ මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 92 ක් පමණ වැය කෙරෙන අතර එම මුදල ලෝක බැංකු ණය ආධාර ක්‍රමය යටතේ ලබා දෙනු ඇත.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.