ශ්‍රී ලංකාවේ සුලබ ආහාර වර්ග 50 කට ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් සහතික

ශ්‍රී ලංකාවේ සුලබ ආහාර වර්ග 50 ක පෝෂණ ගුණය මැන බලා ඒ සඳහා ජාත්‍යන්තර මට්ටමේ විශ්ලේෂණ වාර්තාවක් ලබා දීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ ඒකකයේ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මියගේ මග පෙන්විම යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතියේ විශ්ලේෂණ වාර්තාව මැයි මාසය අවසන් විමට පෙර ලබා දීමට අපේක්ෂා කරයි.
මෙහිදී රතු කැකැළු, සුදු කැකැළු, නාඩු සහ සම්බා යන සහල් වර්ග, සූඩයා, සාලයා, තිප්පිලි වැනි මාළු වර්ග, එළවළු, කරවල, පලතුරු,පොල්,පොල් තෙල් වැනි ආහාර වර්ග කෙරෙහි අවධානය යොමු කර ඇත.
අද සමාජයේ ව්‍යසනයක් බවට පත්ව ඇති බෝනොවන රෝග ඉතා සීඝ්‍රයෙන් පැතිරයාම, අධික තරබාරුකම ආදී රෝග රැසකට ප්‍රධාන හේතුව ලෙස අවිධිමත් ආහාර රටාව බවට හඳුනා ගෙන ඇත.

සෞඛ්‍යාරක්ෂිත ආහාර රටාවක් පවත්වා ගෙන නොයාම සහ ආහාරවල ගුණාත්මක බව පිළිබඳව ජනතාව තුළ නිසි අවබෝධයක් නොමැතිවීම නිසා දිනෙන් දින පෝෂණ ගුණයෙන් ඉහළ ආහාර වර්ග වෙනුවට වෙළඳ දැන්වීම්වලින් හුවා දක්වන ආහාර පාන මිළදී ගැනීමට ජනතාව නැඹුරුවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ.

මෙම ගැටළුවට පිළියමක් වශයෙන් වඩාත් ප්‍රායෝගික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට එම ව්‍යාපෘතිය අපේක්ෂා කරයි.ඒ අනුව ශ්‍රී ලංකාවේ බහුලව ඇති ආහාර වර්ග 50 ක් තෝරා ගෙන එම ආහාරවල අඩංගු පෝෂණ සංඝටක සහ අඩංගු රසායන ද්‍රව්‍ය පිළිබඳව තක්සේරුවක් සිදු කෙරෙනු ඇත.

ඉන්පසු දිවයිනේ ප්‍රසිද්ධ සුපවේදීන් සහ මාධ්‍ය ආයතන සම්බන්ධ කර ගනිමින් මෙම ආහාර වර්ග ආකර්ශනීය ලෙස ප්‍රචලිත කිරීමට අපේක්ෂා කරන බව එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.
මේ සඳහා තෝරා ගන්නා ලද ආහාර වර්ග කිහිපයක පළමු සාම්පලය ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පිහිටි අන්තර්ජාතික ආහාර රසායනාගාරය වෙත මේ වන විටත් යවා ඇත. මී ළඟ ආහාර සාම්පලය මාර්තු මාසයේදී රසායනාගාරය වෙත යැවීමට අපේක්ෂිතයි.

ආහාරවල සංඝටක පරීක්ෂා කිරීමේ මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 92 ක් පමණ වැය කෙරෙන අතර එම මුදල ලෝක බැංකු ණය ආධාර ක්‍රමය යටතේ ලබා දෙනු ඇත.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img