ශ්‍රී ලංකාව ලෝකයේ දරුවන්ට මවුකිරි දෙනඅංක 1 කේ රට බවට පත්වේ

ලෝක මව් කිරි ලබා දීමේ ප්‍රවණතා ඇගයීමේ වැඩසටහන – (World Breastfeeding Trends Initiative – WBTi)” මඟින් ශ්‍රී ලංකාව මව් කිරි ලබා දීම ප්‍රවර්ධනය සඳහා “හරිත වර්ණ” කේතය 2020 ජනවාරි මස ලබා ගනිමින් ලොව ප්‍රථම ස්ථානය බවට පත් ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

WBTi වැඩසටහනට අනුව ශ්‍රී ලංකාව මව් කිරි ලබා දීම සහ එම ක්‍රමවේදයන් ප්‍රවර්ධනය සඳහා ගන්නා ලද සාර්ථක පියවරයන් මෙහි දී ඇගයීමට ලක් කර ඇති බවත්, එකී ඇගයීම් වලට අනුව, ලකුණු 100 කින් 91 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව මව් කිරි ලබා දීම සඳහා මව්වරුන්ට ලබා දෙන සහාය ඔවුන්ගේ ප්‍රශංසාවට බඳුන් ව තිබෙන බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

මෙම වැඩසටහන මඟින් නිර්ණායකයන් 10 ක් පාදක කර ගනිමින් වර්ණ කේතකරණය කරමින් ලොව රටවල් ශ්‍රේණිගත කරනු ලැබ ඇත. ඒ අනුව රතු, කහ, නිල්, සහ කොළ ලෙස කාර්යය සාධනයට අනුව ආරෝහණ ආකාරයට ශ්‍රේණිගත කරන අතර එකී ශ්‍රේණිගත කිරීම් වලට අනුව මව් කිරි ලබා දීම සම්බන්ධයෙන් පවතීන ගැටළු හඳුනාගැනීම සිදු කෙරේ.

මව්කිරි වනාහි මවක් ලෙස දරුවාට දිය හැකි ලොව වටිනාම ආහාරය යි. එය දෙවරක් නොව දස දහස් වරක් සිතා බැලුව ද වෙනස් නොවන කරුණකි. වර්තමානය වන විට නවීන විද්‍යාත්මක දැනුම ඔස්සේ ද ඒ බව මනාව සනාථ කර ඇත. එසේම, මව්කිරි යනු දරුවාගේ අවශ්‍යතා අනුව ස්වභාවික ව සැකසී එන ආහාරයකි. ප්‍රධාන පෝෂක කොටස්‌ ලෙස ලැක්‌ටෝස්‌, ප්‍රෝටීන සහ මේදය ළදරු වර්ධනයට අවශ්‍ය ප්‍රමාණවලින් මවු කිරි මගින් ලැබේ. මොළය වර්ධනයට, අස්‌ථි වර්ධනයට සහ වෙනත් ඉන්ද්‍රියයන් විශේෂයෙන් රුධිර නාළ වර්ධනය සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය මේද අම්ල ද, ආසාදන තත්ත්ව වලට එරෙහිව ප්‍රතිශක්‌තිය නිපදවීම සඳහා අවශ්‍ය ප්‍රෝටීන ද, ශක්‌තිය සැපයීම සහ ස්‌නායු වර්ධනය සඳහා ලැක්‌ටෝස්‌ වැඩි වශයෙන් ද මවු කිරිවල අඩංගු ව පවතී

එමෙන්ම, ළදරුවන්ගේ ප්‍රතිශක්තිකරණය වඩාත් සුරක්ෂිත කිරීමේ විශ්මිත හැකියාව මව් කිරි වල අඩංගු ව පවතී. ළමා සහ මාතෘ සෞඛ්‍ය රක්ෂණයට මෙන්ම බෝ නොවන රෝග ද වළක්වා ගැනීමට මව් කිරි නිසියාකාර ව ලබා දීම මඟින් හැකියාව ඇත. සැම ළදරුවෙක් ම ඉපදී පළමු පැය තුළ දී ම මව් කිරි ලබා දීමටත්, ළදරුවාට මාස 06 සම්පූර්ණ වන තෙක් මව් කිරි පමණක් ලබා දීමටත්, දරුවාට අවුරුදු 02 ක් හෝ ඊට වැඩි වන තෙක් අමතර අහාර සමඟ මව් කිරි ලබා දීමටත් සුදුසු පරිසරයක් සැම මවකටම සහ ළදරුවෙකුටම සැකසිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල (UNICEF) සංවිධානය මඟින් ලොව රටවලට අවධාරණය කර ඇති නිර්ණායකයන් වේ.

 

ඒ අනුව, ශ්‍රී ලංකාව මුල් මාස 06 තුළ මව් කිරි පමණක් ළදරුවන්ට ලබා දීමේ 82% ක ඉහළ ප්‍රතිශතක දැනටමත් ලබා ඇති අතර ගෝලීය ව ගත් කළ අනෙකුත් රටවල් මුල් මාස 06 තුළ මව් කිරි පමණක් ළදරුවන්ට ලබා දෙන්නේ 41% ක් පමණ අඩු අගයක් බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ. ඒ අනුව, මේ වන විට ලෝක සෞඛ්‍ය සමුළුව මඟින් 2025 වන විට මෙම තත්ත්වය 50% දක්වා වැඩි කර ගැනීමේ ඉලක්කයක් සැම රටකටම ලබා දී ඇත

 

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img