මිගමුව රෝහලේ හෘද දැඩි සත්කාර ඒකකය කඩිනම් කරන්න දායකවෙමු

මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ ඇති  හෘදරෝග ඒකකය ඇත්තේ ඉතාමත් දුර්වල මට්ටමකයි එය ක්‍රියාත්මක වන්නේ බාහිර ප්‍රතිකාර ඒකකයක් වශයෙනුයි.රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ඇත්තේ ඇදන්හතරයි.

හෘද රෝගයක් වැලදී පැමිණෙන රෝගීන්ට අවශ්‍ය හදිසි   ප්‍රතිකාර කිරීම සදහා කිරීටක සත්කාර  ඒකකයක් පිහිටුවීමෙන් ජිවිතරැසක් රැකගැනීමට හැකිවනවා යයි     මිගමුව මහරෝහලේ  හෘද රෝග පිළිබද විශේසඥ වෛද්‍ය දිස්නා අමරතුංග මහත්මිය පවසයි.

අලුතින් ආරම්භකරන  ඇදන් 10 කින් සමන්විත මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ හෘද දැඩි සත්කාර ඒකකයට නවීන උපකරණ මිලදීගැනීමට  අවශ්‍ය මිලියන 30 ක මුදල එකතුකර ගැනීම සදහා දිස්ත්‍රික් 306 බි 1 ජ්‍යාතන්තර සිංහසමාජය ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් මිගමුව ගෝල්ඩන් ස්ටාර් හෝටලයේදී 24 දින විශේසඥ වෛද්‍ය දිස්නා අමරතුංග මහත්මිය මෙම අදහස් පලකලේය.

මෙම ඒකකය පිහිටුවීම සදහා අවශ්‍ය ගොඩනැගිලි ඇතුළු පහසුකම් රෝහල මගින් සපයන අතර විදුලි ඇදන් 10 කින් සහ  මධ්‍යම පාලන ඒකකයක් සහිත නවීන උපකරණ කට්ටල සැපයීම සිංහ සමාජය මගින් සිදුකරනු ලැබේ

දැනටමත් සිංහ සමාජයේ ජ්‍යාතන්තර පදනම විසින් මිලියන 15 ක මුදලක් ප්‍රධානයක් වශයෙන් අනුමත කර ඇති බවත් මිලියන හතරක මුදලක් දැනටමත් එකතුවී ඇතිබවද ඉතිරි මිලියන 11 පුද්ගලික පරිත්‍යාග ශිලින්ගෙන් හා මහජනතාව ගෙන් එකතුකර ගැනීමට බලාපොරොත්තු වන බව මෙම ව්‍යාපෘතියේ පරිපාලක දේවා පීටර් මහතා සදහන් කළේය.

පුත්තලම සිට රාගම දක්වා කිලෝමීටර් 133 ක දුරකට විහිදෙන වෙරළ තිරයේ කිසිදු රජයේ රෝහලක හෘද දැඩි සත්කාර ඒකකය නොමතිබවද මෙදිහි අනාවරණය විය.

මෙම සද්කාර්යට දායකත්වය ලබාදීමට කැමති  පරිත්‍යාගශිලීන්ට දිස්ත්‍රික් 306 බි 1 සිංහ සමාජය නමින්   කොමර්ෂල් බැංකුවේ වත්තල ශාඛාවේ  ඇති අංක 1000219577 ගිණුමට මුදල් බැරකළ හැකිබවත් රුපියල් 25000 ක් හෝ එයට වැඩි මුදලක් පරිත්‍යාග කරන අයගේ නාම ලේඛනය හෘද දැඩි සත්කාර ඒකකයේ විශේෂ සමරු ක පලකයක සටහන් කරතබන බවද දේවා පීටර් මහතා පවසයි.

මේ පිලිබදව වැඩිදුර තොරතුරු +94 773569939 නිශාන්ත +947141720 67 පැලෑෂිඩස් අමතා ලබාගත හැක.

Hot this week

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img